leader s

චීනයේ පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීමේ නව උත්සාහයක් ලෙස, උපත් පාලන ඖෂධ සහ උපකරණ සඳහා දශක තුනක් තිස්සේ පැවති බදු සහනය ජනවාරි 1වනදා සිට ඉවත් කර ඇත.

නව නීතිය යටතේ, උපත් පාලන උපකරණ සහ උපත් පාලන පෙති ඇතුළු උපත් පාලන නිෂ්පාදන සඳහා සියයට 13ක වැට් බද්දක් (VAT) අය කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙය බොහෝ පාරිභෝගික භාණ්ඩ සඳහා අය කරන සම්මත අගය එකතු කළ බදු අනුපාතයකි.

මෙම වෙනස්කම් සිදු කර ඇත්තේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සිය උපත් අනුපාතය වැඩි කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙසින් ය.

2024 වසරේදී ද චීන ජනගහනය පිට පිටම තුන්වන වරටත් පහත වැටුණු අතර, මෙම පහත වැටීම අඛණ්ඩව සිදුවනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති.

මෙසේ බදු සහනය ඉවත් කිරීම, උපත් පාලන ක්‍රම මිල අධික කිරීම මගින් ජනතාව දරුවන් බිහි කිරීමට දිරිමත් කිරීම, රජයේ නවතම උත්සාහය ලෙස සැලකේ.

මුලාශ්‍ර:

Condom tax and cheaper childcare: China's plan to boost birth rates

Why China is making condoms and birth control pills more expensive

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්