වෙනිසියුලාවට හෝ වෙනිසියුලාවට යාබද කිසිදු ලතින් ඇමෙරිකානු රටකට හෝ යෑමෙන් වැළකී සිටින්නැයි
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව, එරට වැසියන්ට දන්වා ඇත.
මේ වනවිට වෙනිසියුලාවේ රැඳී සිටින ඇමෙරිකානුවන් සිටින්නේ නම් ඔවුන් හැකි ඉක්මනින් එරටින් පිටව යන ලෙස ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
2019 වසරේ සිට ඇමෙරිකාව, වෙනිසියුලාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සියලු නිලධාරීන් එම කාර්යාලයෙන් ඉවත් කරගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.
වෙනිසියුලා විපක්ෂය නිහඩයි
ඇමෙරිකන් ට්‍රම්ප්ගේ අණින්, අද උදැසන වෙනිසියුලාවට එල්ල වුණු හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන්, වෙනිසියුලා විපක්ෂය මෙතෙක් කිසිවක් පවසා නොමැත.
මදුරෝගේ රජය විසින් වෙනිසියුලාවේ විපක්ෂය මර්දනයට ලක් කර ඇති අතර එහි විපක්ෂයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවෙයි.
තම රටට එල්ල වන ඇමෙරිකන් ප්‍රහාර සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් පැවැසමිය නොහැකි යැයි විපක්ෂයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා ඇත.
මේ අතර වෙනිසියුලාවට එල්ල වන ඇමෙරිකන් ප්‍රහාර සම්බන්ධයෙන් වෙනිසියුලා ජනපති මදුරෝගේ රජය ද කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.
( lankadeepa)
මුලාශ්‍ර :
US Embassy in Colombia warns Americans not to travel to Venezuela
‘Do not travel to Venezuela for any reason’: US State Department tells Americans







