leader s

දකුණු ගාසා තීරයේ  ඛාන් යුනිස් හි ස්ථාන කිහිපයක ඊශ්‍රායල හමුදා ඊයේ (4) සිදු කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීනුවන් තිදෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ.

ඒ අතර වයස අවුරුදු 15ක තරුණයකු ද වන බව, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. ඝාතනය වූ අනෙක් පුද්ගලයින් වන්නේ, ධීවර කර්මාන්තයේ නියුතු වූවකු සහ තැත් සිවිල් වැසියෙකි. ඝාතන ත්‍රිත්වයම සිදු කර ඇත්තේ සටන් විරාම කාල සීමාවේ ඊශ්‍රායල බල ප්‍රදේශයෙන් බැහැර ස්ථාන වලදීය.

පසුගිය ඔක්තෝබරයේ ඇරඹි සටන් විරාමයෙන් පසු අවස්ථා කිහිපයකදීම ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ගුවන් ප්‍රහාර දියත් කළහ. සිය සන්නද්ධ පහසුකම් ඉලක්ක කළ ත්‍රස්තයින් වෙත එම ප්‍රහාර එල්ල කළ බව ඔවුහු කියා සිටියහ.

සටන් විරාමය ඇරඹි දා සිට මෙතෙක්, ගාසා තීරයේ පලස්තීනුවන් 420ක් ඝාතනය ව ඇතැයි, එම සෞඛ්‍ය බලධාරීහු පවසති.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israeli forces kill three Palestinians in Gaza, local authorities say

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්