ලෝක විනිසුරකු ලෙස හැසිරෙන කිසිදු රාජ්‍යයක් නොපිළිගන්නා බව චීනය කියයි.
එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව ආක්‍රමණය කර, ජනපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීම පිලිබඳ චීන විදේශ අමාත්‍ය, වැන්ග් යී විසින් එම ප්‍රකාශය සිදු කර තිබේ.
"කිසිම රටකට ලෝක පොලිසිය ලෙස ක්‍රියා කිරීමට හැකි බව අප කිසිදා විශ්වාසය තැබුවක් නොවේ. එමෙන්ම, කිසිම ජාතියකට තමන් ලෝක විනිසුරුවකු ලෙස ප්‍රකාශයට පත් කළ හැකි බව අප කිසිදා පිළිගන්නේ ද නැහැ," යි, චීන විදේශ අමාත්‍යවරයා බෙයිජිංග් නුවර පැවති රැස්වීමකදී පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාඛ් දර් හමුවේ එසේ පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

වෙනිසියුලාවේ උද්ගත හදිසි තත්ත්වය පිලිබඳ එහිදී අදහස් පළ කළ චීන විදේශ අමාත්‍යවරයා, එක්සත් ජනපදය පිලිබඳ නිශ්චය වශයෙන් පැවසීමෙන් තොරව එසේ ප්‍රකාශ කළ බව ද රොයිටර්ස් පුවත් සේවය කියයි.
සෑම රාජ්‍යයකම ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව ජාත්‍යන්තර නීතිය යටතේ පූර්ණ රැකවරණයෙහි ලා පැවතිය යුතු බව ද, එහිදී ඔහු අවධාරණය කර තිබේ.
චීනය සහ වෙනිසියුලාව, දෙරට අතර 50 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමරමින් 2023 දී විශේෂ උපාය මාර්ගික ගිවිසුමකට ද එළැඹිණි. එක්සත් ජනපද හමුදා වෙනිසියුලාව ආක්‍රමණය කිරීම චීනයට 'මරු පහරක්' බව චීන රාජ්‍ය නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පැවසීය.
මදුරෝගේ පුත්‍රයා 2024 වර්ෂයේදී චීනයේ මුල් පෙළ, පීකිංග් විශ්වවිද්‍යාලයට පැමිණියේය. 2016 දී ඊට ඇතුළු වූ ඔහු එහි උසස් අධ්‍යාපනය හදාරා ඇත්තෙකි.
2017 වසරේ, එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් වෙනිසියුලාවට එරෙහි සම්බාධක පැනවීමෙන් අනතුරුව, එහි ජීවනාලිය වූයේ චීනයයි.
2024 වර්ෂයේ පමණක් චීනය, එරටින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6කට ආසන්න භාණ්ඩ මිලදී ගත්තේය. චීන මිලදී ගැනීම් වලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් බොර තෙල් ය. 2018 වන විට චීන රජයට අයත් තෙල් දැවැන්තයින් විසින් වෙනිසියුලාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6ක ආයෝජන සිදු කර තිබිණි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







