දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත ඊයේ (5) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දැරියක ඇතුළු තවත් පලස්තීනුවකු ජීවිතක්ෂයට පත්ව සිව් දෙනෙක් තුවාළ ලදහ.
හමාස් පාලන ප්‍රදේශයේ සිට, සිය හමුදා සේනාංක වෙත ප්‍රහාර සැලසුම් කරමින් සිටි සන්නද්ධ ක්‍රියාකාරිකයකු ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ.
පසුගිය ඔක්තෝබරයේ ගාසා සටන් විරාමය ඇරඹි තැන් සිට මේ දක්වා, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය පලස්තීනුවන් සංඛ්‍යාව 422කි. එම කාලසීමාව තුළ, පලස්තීන සටන්කාමීන් අතින් ඊශ්‍රායල හමුදා සාමාජිකයින් තිදෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.
සටන් විරාමයේ පළමු අදියර යටතේ ගාසා තීරයේ 53% ක බලය ඊශ්‍රායල හමුදා සතුව පවතී.
ගාසා යුද්ධයෙන් මේ වන විට පලස්තීනුවන් 71,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Israeli airstrike kills two in Gaza including girl, hospital staff say







