leader s

ඕස්ට්‍රේලියාවේ ඉහළම ලේඛක උළෙලක් අවලංගු කෙරේ.

 

ඊට සහභාගී වීමට නියමිත පලස්තීන ලේඛකයකු එම උළෙලින් ඉවත් කිරීම පදනම් කර සියලු ලේඛකයින් එය වර්ජනය කිරීම හේතුවෙන් අද (13) එය අවලංගු කෙරුණු අතර, එහි අධ්‍යක්ෂිකාව ද ඉල්ලා අස්  වූවාය. පලස්තීන ලේඛකයකු නිහඬ කිරීමේ පාර්ශ්වකරුවකු ලෙස තව දුරටත් රැඳී සිටිය නොහැකි බව, ඇය ප්‍රකාශ කළාය.

randa 1

 

පසුගිය දා සිඩ්නි නුවර බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ ඝාතනය හේතුවෙන් හටගත් මහජන විරෝධතා තහනමට පියවර ගැනීම නිදහස් භාෂණයේ අයිතිය උල්ලංඝනය කරන්නකැයි ද ඇය කියා සිටියාය.

පෙබරවාරි මස පැවැත්වීමට නියමිත 'ඇඩිලේඩ් ලේඛක සතිය' උළෙල සංවිධායක මණ්ඩලය විසින් පලස්තීන - ඕස්ට්‍රේලියානු සම්භවයක් සහිත ලේඛකයකු වෙත, ඊට සහභාගී වීමට ආරාධනා නොකිරීමට තීරණය තීරණය කෙරිණි. එම තීරණය පදනම් කොට, එහි අධ්‍යක්ෂිකාව වූ, ලුවී ඇඩ්ලර් ඉන් ඉවත් වූවාය. ඇය යුදෙව් ජාතික කාන්තාවක වීමද විශේෂත්වයකි.

 

රැන්ඩා අබ්දෙල්-ෆාටා
උළෙලේ ආරාධනා හරණයට ලක්ව ඇත්තේ රැන්ඩා අබ්දෙල්-ෆාටා (Randa Abdel-Fattah) නම් නවකතා ලේඛිකාවකි. සංවිධායක මණ්ඩලයේ තීරණය, පලස්තීන විරෝධී ජාතිවාදයේ සහ වාරණයේ නිර්ලජ්ජිත ක්‍රියාවක් බව ඇය කියා සිටියාය.

පසු ගිය මස බොන්ඩායි වෙරළේ පැවති යුදෙව් හනුක්කා සැමරුමක් ඉලක්ක කර පිය - පුතු ප්‍රහාරක දෙපළක් විසින් සිදු කළ ත්‍රස්ත වෙඩි තැබීමෙන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මිය ගිය පිරිස සිහි කර මෙම මස 22 දා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන බව, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය, ඇන්තනී ඇල්බනීස් අද නිවේදනය කළේය.

ජන සමූහයක් ඉලක්ක කළ එම අතිශය අමානුෂික සිදුවීමේ වේදනාව පහව යන්නට මත්තෙන්, ලේඛක උළෙල වෙනුවෙන් අබ්දෙල්-ෆාටා හට ආරාධනා නොකිරීම සංස්කෘතික වශයෙන් සංවේදී කරුණක් නොවන සේ සලකා සිය තීරණයට එළැඹි බව ලේඛක උළෙල සංවිධායක මඬුල්ල කියා සිටී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/13/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

Top Australian writers' festival cancelled after Palestinian author barred

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්