පුද්ගලයින් 8ක් රැගත් පුද්ගලික ජෙට් යානයක් ඊයේ (25) එක්සත් ජනපදයේ මේන් හි පිහිටි බැන්ගෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අනතුරට පත් විය.
යානය ගුවන් ගත කිරීමට ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ එම අනතුර සිදු විය. අනතුරින් පසු යානය ගිනි ගෙන ඇති බව වාර්තා වේ.
යානය තුළ වූවන් පිලිබඳ තතු මෙතෙක් අනාවරණය වී නැත.
අනතුරට පත්ව ඇත්තේ ඇන්ජින් දෙකකින් යුත් බොම්බඩියර් චැලෙන්ජර් 600 ගුවන් යානයකි.
එරට වේලාවෙන් ඊයේ ප.ව.7.45ට පමණ එම අනතුර සිදු විය.
අනතුරට හේතු සොයා විමර්ශන ක්‍රියාත්මක ය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/26/2026
(
මුලාශ්‍රය :
Private jet carrying 8 crashes at Maine airport







