පිලිපීනයේ දකුණු දිග බසිලාන් (Basilan) දූපත් ආසන්න මුහුදේදී මගී ප්‍රවාහන නෞකාවක් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මගීන් 350කට අධික පිරිසක් රැගත් MV Trisha Kerstin 3 නම් යාත්‍රාව හදිසියේ පෙරළී ගොස් ගිලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ.
යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී යාත්‍රාවේ මගීන් 332ක් සහ කාර්ය මණ්ඩලය 27ක් සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇති අතර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 316 දෙනෙකු බේරා ගැනීමට කටයුතු කර තිබේ.
මේ අතර අනතුරට ලක්වූවන් බේරා ගැනීම සඳහා වෙරළාරක්ෂක ගුවන් යානයක්ද පිටත් කර හැරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
යාත්‍රාව අනතුරට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරට හේතුව සෙවීම සඳහා සමුද්‍ර අනතුරු පරීක්ෂණයක් පවත්වන ලෙසටද එරට බලධාරීන් උපදෙස් ලබා දී ඇතැයිද සඳහන් වේ.
| adaderana
මුලාශ්‍රය :
Death toll in Philippine boat accident climbs to 15, hundreds rescued
Ferry carrying over 350 people sinks in Philippines, killing at least 15
Fifteen dead after ferry with 300 passengers sinks in Philippines







