leader s

එක්සත් ජනපදය සිසාරා ප්‍රබල ශීත කුණාටුවක් හමා යමින් පවතී


අදත් (26) ගුවන් වාර දහස් ගණනක් අවලංගු කිරීමට සහ තවත් සිය ගණනක් ප්‍රමාද කිරීමට බලධාරීන්ට සිදු විය.

අධික ශීත වර්ෂා පතනයෙන් සහ හිම පතනයෙන් කාලගුණය තදබල ලෙස අයහපත්ව පවතී. ඒ හේතුවෙන් රට තුළ සංචාරය සහ ප්‍රවාහන සේවා ද අඩාලව ඇත.

අද පෙරවරුවේ, එක්සත් ජනපදයේ ගුවන් ගමන් 3,600ක් අවලංගු කෙරිණි. ඊයේ (11) එම ගණන 11,000කි. දිනය අවසන් වන විට ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ප්‍රමාද තව දුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එරට නිව් ඉංග්ලන්ඩ් හි දකුණුදිග පැවති  අඩු පීඩන ධාරා අත්ලාන්තික් කලාපය ඔස්සේ නැගෙනහිර දෙසට බලපාමින් තිබේ. ඒ හේතුවෙන් ඊශානදිග පෙදෙස් හි  දැඩි හිම පතන වාර්තා වේ. මාධ්‍ය අත්ලාන්තික් කලාපයේ ඇතැම් ස්ථාන වෙත 'ගත ගල්ගැසෙන' ධාරාණිපාත වර්ෂා  පතිත වෙමින් පවතී. අපුලෂන් කලාපයේද දැඩි හිම පතන අපේක්ෂා කෙරේ. වර්ෂා පතනය තවදුරටත් ගිනිකොනදිග වෙරළ තීරය වෙත ව්‍යාප්ත වනු ඇති අතර ශීත පෙරමුණ, වෙරළ තීරයෙන් ඔබ්බට ගමන් කරනු ඇත.

අද, වැඩි වශයෙන් බාධාවට ලක් වූයේ ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් ගමන් ය. එහි ගුවන් වාර 570කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරුණු අතර, ගුවන් ගමන් 57ක් ප්‍රමාදයට ලක් විය. රිපබ්ලික් ගුවන් සේවය, ජෙට්බ්ලූ ගුවන් සේවය සහ ඩෙල්ටා ගුවන් සේවය අනුපිළිවෙලින් ඊට එක්විය.

බොස්ටන් හි ලොගෑන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ,  ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ නිව්යෝර්ක් හි ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අයහපත් කාලගුණයෙන් බරපතල ලෙස පීඩාවට පත් එරට ජාත්‍යන්තර ගමනාන්ත වේ.

මගී පහසුව තකා ප්‍රධාන ගුවන් සේවා රැසක් අතිරේක අයකිරීම් රහිත නම්‍යශීලී යළි ආසන වෙන් කිරීමේ සහන, නිවේදනය කර සිටී.

එරට පවතින කුණාටු සහිත අයහපත් කාලගුණයෙන් මාර්ගස්ථ  ප්‍රවාහනය ද අකර්මණ්‍යව ඇත. දැඩි සුළං ප්‍රවාහ සහ අයිස් පතන හේතුවෙන් ඇතිවිය හැකි අන්තරායකර තත්ත්වයන් පිලිබඳ රියදුරන් වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ටෙනසීස් සිට කැරොලීනා දක්වා ප්‍රාන්ත රැසක විදුලි බිඳවැටීම් වාර්තා වේ. වැඩිම විදුලි බිඳ වැටීම් වාර්තා  වන්නේ ටෙනසීස් වෙතිනි. පාරිභෝගිකයින් 820,000ක් වෙත විදුලිය බිඳ වැටී ඇතැයි  අද උදැසන වන විට වා ර් තා     විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/26/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)


මුලාශ්‍රය :

Winter storm snarls US travel, forces mass flight cancellations


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්