leader s

ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට එරට ප්‍රංශයේ ජාතික සභාව (National Assembly) විසින් අනුමැතිය ලබා දී තිබේ.


ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ඉදිරිපත් වූ මෙම පනතට පක්ෂව ඡන්ද 116ක් සහ විපක්ෂව ඡන්ද 23ක් හිමි ව ඇත.

ළමුන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන හානිය සහ සයිබර් හිරිහැර (Cyberbullying) වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මෙම නීතිය සම්මත වුවහොත්, වයස 15ට අඩු දරුවන්ට Snapchat, Instagram සහ TikTok වැනි සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට නොහැකි වනු ඇත.

ජංගම දුරකථන තහනමක් !

එසේම කනිෂ්ඨ සහ මධ්‍යම පාසල්වල දැනටමත් ක්‍රියාත්මක වන ජංගම දුරකථන තහනම ජ්‍යෙෂ්ඨ පාසල් දක්වා දීර්ඝ කිරීමටද මෙහිදී යෝජනා වී තිබේ.

 

macron fප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ වන නව පාසල් වාරයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මැක්‍රෝන් අපේක්ෂා කරයි.

හානිකර යැයි සැලකෙන සමාජ මාධ්‍ය ලැයිස්තුවක් රජය විසින් සකස් කරනු ලබන අතර, අඩු හානිකර අඩවි සඳහා මවුපියන්ගේ පැහැදිලි අවසරය අවශ්‍ය වනු ඇත.

මෙම පනත සම්මත වීමෙන් පසු අදහස් දැක්වූ ජනාධිපති මැක්‍රෝන් ප්‍රකාශ කළේ, "අපේ දරුවන්ගේ මොළය හෝ හැඟීම් විකිණීමට ඉඩදිය යුතු නැත" යනුවෙනි.

දරුවන්ගේ මානසික සෞඛ්‍යය මුදල් ඉපයීමට පමණක් උත්සාහ කරන සමාගම් අතට පත් කළ නොහැකි බව ඔහු අවධාරණය කර තිබේ.

| hirunews

සබැඳි ලිපියක් :

ජංගම දුරකථන නිසා නව යොවුන් වියේ දරුවන් මානසික රෝගීන් වෙලා


මුලාශ්‍ර :

French MPs approve social media ban for children under 15

'Major step': French MPs vote in favour of bill to ban social media for under-15s

Macron says France to fast-track social media ban for kids under 15

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්