leader s

හමාස් අත්අඩංගුවට පත් අවසන් ප්‍රාණ ඇපකරු දේහය ද සිය භාරයට ගත්  බව, ඊශ්‍රායල හමුදා ඊයේ (26) පැවසූහ.  


ඒ සමග පලස්තීන භූමියේ ඉකුත් ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක සටන් විරාමයේ පළමු අදියර මූලික කොන්දේසියක් නිම වේ.  

දින 840කට අධික කාලයක් ගාසා තීරයේ ත්‍රස්ත භාරයේ පැවති ඊශ්‍රායල පොලිස් නිලධාරී රැන් ග්විලී ගේ දේහය මූලික පරීක්ෂණහිදී හඳුනා ගත් බවත්, අවසන් කටයුතු පිණිස එය ඥාතීන් වෙත භාර දීමට නියමිත බවත්, ඊශ්‍රායල හමුදා පැවසූහ.

 

2023 ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත පලස්තීන ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහු හදිසි අනතුරකින් තුවාළ ලබා රාජකාරියෙන් බැහැරව ප්‍රතිකාර ගනිමින් පසු විය. එදින ත්‍රස්තයින් හා සිදු කළ වෙඩි හුවමාරුවක දී ඔහු ජීවිතක්ෂයට පත් වූ අතර, ත්‍රස්තවාදීහු මළ සිරුර රැගෙන පලා  ගියහ.

එම දේහය ඊශ්‍රායල හමුදා අතට පත් කිරීමත්  සමග හමාස් සංවිධානය විසින් ගාසා සටන් විරාමයේ මුල් අදියර මූලික කොන්දේසියක් වූ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සපුරා අවසන් වේ.

 

rafah
ඒ අනුව, ගාසා තීරය ලොවට විවර කෙරෙන ප්‍රධානතම සැපයුම් මාවත වන, එම තීරය සහ ඊජිප්තුව අතර රෆා කොරිඩෝව සීමිත කාලයකට පමණක් විවෘත කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රෆා කොරිඩෝව මේ වන විට ඊශ්‍රායල හමුදා විසින් වසා  දමා තිබේ.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israel recovers last hostage body from Gaza, paving way for crossing to open

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්