leader s

ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදියකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි, හිස්බුල්ලා සංවිධානය ඊයේ (26) කියා සිටියේය.  



එසේ මියගොස් ඇත්තේ, ලෙබනන හිස්බුල්ලා සන්නද්ධ සංවිධානයට අනුබද්ධ අල් - මනාර් රූපවාහිනී සේවයේ අලි නූර් අල්-ඩින් නම් රූපවාහිනී මාධ්‍යවේදියකු බව එම සංවිධානය පවසයි.  

ලෙබනන මාධ්‍යවේදීන් ද දැන්, ඊශ්‍රායල හමුදා ඉලක්ක වී ඇතැයි, හිස්බුල්ලා සංවිධානය චෝදනා කරයි.

අල්-ඩින් නැමැත්තා සන්නද්ධ හිස්බුල්ලා සාමාජිකයකු බවත්, ඔහු පසුගිය සමයේ දකුණු ලෙබනනයේ එම සාමාජිකයින්ට අවි පුහුණුව ලබා දුන් අයකු බවත් ඊශ්‍රායල හමුදා පවසති.

අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන සහාය හිමි හිස්බුල්ලා සංවිධානය දැඩි පසුබැසීමකට ලක් විය. අනතුරුව, එක්සත් ජනපද මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය 2024 වසරේ සටන් විරාමයකට පිවිසියහ.

හිස්බුල්ලා ත්‍රස්තයින් නිරායුධ කරන ලෙස දන්වා ලෙබනනයට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය වෙතින් දිගින් දිගටම බලපෑම් එල්ල වේ.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Hezbollah says Israeli strike killed Al-Manar TV presenter in southern Lebanon

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්