leader s

හින්දි සහ බෙංගාලි සංගීතයේ ප්‍රමුඛ චරිතයක් වන ජනප්‍රිය ගායක අරිජිත් සිං පසුබිම් ගායනයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.


සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු සිය තීරණය රසිකයන් වෙත දැනුම්දී ඇත.

එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම වසර ගණනාව පුරා රසිකයන් තමන්ට මෙතරම් ආදරයක් ලබාදීම ගැන ස්තූතිවන්ත වන බවය.

තමන් මෙතැන් සිට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස කිසිදු නව වැඩක් භාර නොගන්නා බවත්, එය නවතා දැමූ බවත් හෙතෙම පවසා තිබේ.

අරිජිත් සිං යනු බොලිවුඩයේ වඩාත් ආකර්ෂණීයම ගීත කිහිපයක් ඉදිරිපත් කර ඇති ගායකයෙක්ය. ආෂිකි 2 හි 'තුම් හි හෝ' ඔහුගේ පෙරළිකාර සාර්ථකත්වය ලෙස කැපීපෙනෙන ගායනයක්ය.

ජාතික චිත්‍රපට සම්මාන 2ක්, ෆිල්ම් ෆෙයාර් සම්මාන 8ක් ඇතුළු සම්මාන රැසකට හිමිකම් කියන ඔහු 2025 වර්ෂයේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබීය.

| adaderana


මුලාශ්‍රය :

Arijit Singh, Bollywood’s voice of love, retires from playback singing: ‘It was a wonderful journey’

Arijit Singh announces retirement: How much is the singer's net worth and fee per song?

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්