චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer හමු වුණා.
ඒ අද(29) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදීය. වසර අටකට පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු චීනයේ සිදු කරන ප්‍රථම සංචාරය මෙය වීම විශේෂත්වයක්.
වර්තමාන කැළඹිලි සහගත ලෝකය හමුවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් හා ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් ලෙස චීනය හා බ්‍රිතාන්‍යය, ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේදීත් දෙරටේ ආර්ථිකය හා ජීවනෝපාය ප්‍රවර්ධනය කිරීමේදීත් සංවාද හා සහයෝගීතාව තහවුරු කළ යුතු බව ෂී ජින්පිං එහිදී පෙන්වා දුන්නා.
සාමකාමී සංවර්ධන මාවතේ සැමවිටම නියැළී සිටින චීනය, සැලසුම් සහගත ලෙස කිසිදු විටෙක යුද්ධයක් දියත් නොකරන අතර, සෙසු රටක භූමිය කිසිසේත් ම අත්පත් කර ගෙන ද නොමැති බව චීන ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා. චීනය කොපමණ සංවර්ධනයක් අත් කර ගත්ත ද එය සෙසු රටවලට තර්ජනයක් නොවනු ඇති බව ඔහු සඳහන් කළා.
අධ්‍යාපනය, වෛද්‍ය සේවා, මූල්‍ය කටයුතු ඇතුළු ක්ෂ්‍රේයන්හි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා එම සහයෝගීතා පුළුල් කිරීමට එහිදී එකඟ වී තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය, ජෛව විද්‍යාව, නව බලශක්ති හා අඩු කාබන් තාක්ෂණයන්ට අදාළ අංශයන්හි ඒකාබද්ධ පර්යේෂණ හා කර්මාන්ත පරිවර්තනීය ලෙස ක්‍රියාවට නැංවීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍යය ජාතිකයින්ට වීසා රහිතව චීනයට ඇතුළු වීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට චීනය අවධානය යොමු කරමින් සිටින බව ද ෂී ජින් පිං එහිදී කියාසිටියා. එමෙන්ම, බහුපාර්ශ්වවාදය හා නිදහස් වෙළඳාම වෙත සහාය ලබා දෙන දෙරට, ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය අනුගමනය කළ යුතු බව පැවසූ චීන ජනාධිපතිවරයා, වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවීම තහවුරු කළ යුතු බව ද සඳහන් කර තිබෙනවා.







