leader s

ගාසා යුද්ධයෙන් මිය ගිය පස් හැවිරිදි පලස්තීන දැරියකගේ විශාල ප්‍රමාණයේ රුවක් ඊයේ (29) බාසෙලෝනා වෙරළේ දිග හැරිණි. ගාසා දරුවන් වෙනුවෙන් වහා මැදිහත්වන්නැයි අගේ මව ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ආයාචනය කර සිටී.


ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ මෝටර් රථයක සිරවූ, හින්ද් රජාබ් නම් එම දැරියට අත්වූ ඛේදනීය ඉරණම පිලිබඳ නිෂ්පාදනය වූ, 'ද වොයිස් ඔෆ් හින්ද් රජාබ්' (The Voice of Hind Rajab) නම් චිත්‍රපටයට පසු ගිය වසරේ වැනීසි සිනමා උළෙලේ රිදී සිංහ සම්මානය (Silver Lion Award) හිමි විය. එය ඇකඩමි සම්මාන සඳහා ද නිර්දේශව තිබේ.

hind4

2023 ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයට එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ දියත් කළ අති බිහිසුණු යුද්ධයේ දිනෙක, එම ප්‍රහාර මධ්‍යයේ කුඩා සින්ද් මෝටර් රථයක්  තුළ පැය ගණනක් සිර විය. ඒ තුළ සිටි අගේ නැන්දනිය, මාමා සහ ඥාති සොයුරන් තිදෙනා ඒ වන විටත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරු වැළඳ තිබිණි. එහි වූ ජංගම දුරකථනයකින් හින්ද්, පලස්තීන සෞඛ්‍ය බලධාරීන් අමතමින් දිගින් දිගටම උපකාර පැතුවාය. එම දුරකථන ඇමතුම ඔස්සේ ගිලන් රථයක් ඇය සිටි ස්ථානයට ලඟා වන විට ඇය හා සහන කණ්ඩායම් අතර ද සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබිණි.  ඉන් දින 12කට පසුව, හින්ද්ගේ, ඇගේ ඥාතීන්ගේ සහ ගිලන් රථ සහන කාර්ය මණ්ඩලයේ දෙදෙනකුගේ මළ සිරුරු හමු විය.

FGC 260130

බාසෙලෝනා වෙරළේ මීටර 55ක දිගින් යුත් ඇගේ රුව නිරාවරණයට සිය ගණනක් එක්ව සිටියහ. හින්ද් ගේ රුව අසලින් එසවූ පලස්තීන ධජයකි. පසෙකින්, "ගාසා දරුවන් නිදහස් කරනු" යනුවෙන් වෙරළේ ලියා තිබිණි.

"ගාසා දරුවන් ඉල්ලා සිටින්නේ ඔවුන් වෙනුවෙන් හඬා වැටෙන ලෙස නොවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවත්වීමේ අයිතියයි," කුඩා හින්ද්ගේ මව කියා සිටින්නීය.  

"හින්ද් රාජාබ්ගේ හඬ මෝටර් රථය තුළ ඇය හා මිය ගියේ නෑ. එය සැතපුම් ගණනක දේශා සීමා පසු කර පැමිණියා," චිත්‍රපටයේ එන, පලතීන රතු අඩසඳ සංවිධානයේ පළමු ප්‍රතිචාර දක්වන්නියගේ චරිතය නිරූපණය කරන ජෝර්දාන-කැනේඩියානු සම්භවයක් සහිත සිනමා නිළි, සාජා කිලානි පවසයි.  

හින්ද් සහ ඇගේ ඥාතීන්ගේ මරණ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා වෙතින් විමසුවද, ඔවුන් තවමත් නිරුත්තරය. ඔවුන් දන්නේ ඒ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක බව පමණි. සිය හමුදා කිසිවිට සිවිල් වැසියන් ඉලක්ක නොකළ බවත්, හමාස් ත්‍රස්තයින් විසින් අහිංසක ජනතාව මිනිස් පලිහක් සේ යොදා ගත් බවත් ඔවුහු කියා සිටිති.

Gazajuli24 websiteheader.jpg.1262x662 q85 upscale

 

ගාසා සටන් විරාමයට තෙමසක් ගත වූ තැන එහි පලස්තීන ජනයාගේ තත්ත්වය තවමත් අතිශය ඛේදනීය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. හිසට සෙවණක්, ආහාර සහ මූලික සෞඛ්‍ය පහසුකම් වැනි ඌනතාවන්ගෙන් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ ගාසා දරු කැළ බව එම සංවිධානය පෙන්වා දෙයි.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Giant portrait of girl killed in Gaza war unfurled on Barcelona beach

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්