එක්සත් ජනපද නාවුක හමුදාවට අයත් තවත් සුවිසල් ප්‍රහාරක නෞකාවක් ඊශ්‍රායලයේ අයිලට් වරායට පැමිණේ.
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර යුද උණුසුම උත්සන්න වෙමින් පවතී.
ඊජිප්තුව සහ ජෝර්දානය අතර ඊශ්‍රායල දේශ සීමා කලාපයේ අයිලට් වරාය පිහිටා තිබේ. වරාය වෙත නෞකාවේ සම්ප්‍රාප්තිය පෙර සැලසුම් පරිදි සිදු කෙරුණක් බවත්, එය එක්සත් ජනපදය සහ ඊශ්‍රායල හමුදා අතර සන්නද්ධ සහයෝගිතා වැඩපිළිවෙළෙහි අංගයක් ලෙස ක්‍රියාත්මක බවත්, ඊශ්‍රායලය පවසයි.
මැද පෙරදිග කලාපය වෙත එක්සත් ජනපද සන්නාහ සන්නද්ධ යාත්‍රා බල ඇණි තර කරමින්, සාකච්ඡා සඳහා එන ලෙස ජනපති ට්‍රම්ප්, ඉරාන රජයට බල කර සිටී. යම් ප්‍රහාරයකදී, එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට සහ එම මිත්‍ර සන්ධානයට දැඩි ප්‍රති-ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ද පෙරළා තර්ජනය කරන්නේය.
ඉරානය බලා සන්නද්ධ බල ඇණි පිටත් කර ඇතත්, හමුදා ක්‍රියාන්විතයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගිනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනපති ට්‍රම්ප් කියා සිටී.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
US military destroyer docks at Israel's Eilat port, Israeli media reports







