leader s

එක්සත් ජාතීන්ගේ සංවිධානයට නුදුරේදීම විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි එහි මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ලිපියක් මගින් සාමාජික රටවලට දන්වා ඇත.


සාමාජික රටවල් විසින් ගෙවිය යුතු හිඟමුදල් නොගෙවීම සහ වියදම් නොකළ මුදල් ආපසු ලබා දීම සම්බන්ධයෙන් පවතින අයවැය නීති මෙම තත්ත්වයට බලපා ඇත.

 

usb45yw456

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම දායකත්වය සැපයන්නේ එක්සත් ජනපදයෙනි. ඒ සමස්ත අරමුදල්වලින් සියයට 22ක් ලෙසිනි. සාමාජිකයන් 193 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ සියලු රටවලින් යම් මූල්‍ය දායකත්වයක් හිමිවේ. මේ වන විට චීනය. සියයට 20ක දායකත්වයක් ලබා දේ. එහෙත් 2025 වසර සඳහා වන ඔවුන්ගේ දායකත්ව මුදල් මේ වන තෙක් ලැබී නොමැත. 2025 වසර අවසන් වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ගෙවීමට ඇති සමස්ත හිඟ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.57කි.

ලෝක සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් 1945 වසරේ ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතරම් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පෑවේ ඉතිහාසයේ පළමු වරටය.

මූල්‍ය අර්බුදය විසඳාගත නොහැකි වුවහොත් එළඹෙන ජුලි මාසය වන විට සංවිධානය මගින් ක්‍රියාත්මක කරන බොහෝ වැඩසටහන්වලට දැඩි ලෙස බලපානු ඇතැයි ද මහලේකම් වරයා ප්‍රකාශ කර තිබේ.

( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්