leader s

තායිලන්ත මහ මැතිවරණය අද (08) පැවැත්වේ.


වසර ගණනාවක දේශපාලන කැලඹිම්වලින් පසු පැවැත්වෙන මෙවර මැතිවරණයේදී තායිලන්ත ජාතිකයින් මිලියන ගණනක් ඡන්දය භාවිත කිරීමට සූදානම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඡන්ද විමසීම මේ වන විටත් ආරම්භ වී ඇති බවය.

 

ew545546757567868gg

වසර තුනක් තුළ එරටේ තුන්වන නායකයා වන අගමැති අනුටින් චාන්විරකුල් විසින් මෙම හදිසි මහ මැතිවරණය කැඳවා තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුගේ භුමිජයිතායි පක්ෂය හෝ ඡන්ද විමසීම්වලින් ඉදිරියෙන් සිටින මහජන පක්ෂය මෙවර මැතිවරණයේදී බහුතරයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා නොකරන බවය.

මැතිවරණ ආසන 500කින් යුත් තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර එම ආසන 500න් නීති සම්පාදකයින් 400ක් සෘජුවම මන්ත්‍රී කොට්ඨාසවලින් තේරි පත්වේ. ඉතිරි 100 පක්ෂ ලැයිස්තු ආසන වන අතර ඒවා සමානුපාතික නියෝජනය මගින් තීරණය වන බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

 

7faab9660cb74f22fdaa50ff40b4c475
මෙවර මැතිවරණය තායිලන්තයට තීරණාත්මක මැතිවරණයක් වනුයේ පවතින දේශපාලන අස්ථාවරත්වය නිමා කිරීම සඳහාය.

පසුගිය 2025 වසරේ තායිලන්ත සහ කාම්බෝජ දේශසීමාවේදී කාම්බෝජ සොල්දාදුවෙකු මිය යාමෙන් පසු තායිලන්තය සහ කාම්බෝජය අතර යුද ගැටුම් හටගනු ලැබීය. එම ගැටුම් මැද තායිලන්තයේ එවකට අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රා කාම්බෝජ සෙනට් සභාවේ සභාපති වූ හුන් සෙන් සමග පැවැත්වූ දුරකථන සම්බන්ධතාවයක ප්‍රතිපඵලයක් ලෙස අධිකරණ තීන්දුවකින් අනතුරුව ඇයව ධුරයෙන් ඉවත් කරනු ලැබීය.

මෙම දුරකථන ඇමතුම් තත්ත්වය හේතුවෙන්  පේටොංටාර්න්ගේ ෆියු තායි පක්ෂයේ විශාලතම සභාග හවුල්කරුවා වන භූම්ජයිතායි පක්ෂය රජයෙන් ඉවත් වූ අතර පසුව ප්‍රගතිශීලි මහජන පක්ෂය සමග ඇති කරගත් නව සන්ධානය මගින් භුම්ජායිතායි පක්ෂයේ නායක අනුටින් චාන්විරකුල් නව රජයක් පිහිටුවනු ලැබීය.

එම රජය පිහිටුවීමේදී ඇති කොන්දේසි කිහිපයක් ඇතිකරනු ලැබූ අතර එහිදී මාස කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද තිබුණි.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී තායිලන්ත පාර්ලිමේන්තුව විසරුවා හැරීමට පියවර ගනු ලැබීය.

| adaderana

මුලාශ්‍ර :

Three PMs in three years, sluggish growth and a war: Thailand votes in key election

As Thailand votes, can the reformist People’s Party break the cycle?

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්