එක්සත් ජනපද පහර දීමක් සිදුවුවහොත්, මැද පෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි.
එහෙත්, එය එක්සත් ජනපද හමුදා කඳවුරු පිහිටි රටවලට එරෙහි ප්‍රහාරයක් බව වරදවා වටහා නොගතයුතු බව ද, ඉරාන විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.

කටාර් හි අල් ජසීරා රූපවාහිනී සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි ඊයේ (7) ඒ බැව් සඳහන් කළේය.
දෙපාර්ශ්වය අතර සිකුරාදා (6) සාකච්ඡා ධනාත්මක බවත්, අඛණ්ඩ කතා බහේ යෙදීමට සූදානම් බවත් ඊට පෙර ඉරානය විසින් කියා තිබිණි.
ඉරාන - එක්සත් ජනපද මීළඟ වටයේ සාකච්ඡා සඳහා තවමත් දින නියම කර නැත. එහෙත්, එන සතියේ මුල එම සාකච්ඡා සිදු විය හැකි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිණි.
සිය න්‍යෂ්ටික ඉන්දන නිෂ්පාදන ක්‍රියාවලිය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කෙරෙහි කිසිවිටෙකත් යොමුව නැතැයි, ඉරානය කියයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
If US attacks, Iran says it will strike US bases in the region







