leader s

ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ උපදේශකයකු වන අලි ලරිජානි ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් හෙට (10) ඕමානය බලා පිටත් වෙති. ඔවුහු එරට සුල්තාන්වරයා හමුවීමට නියමිතය.  


කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රවණතා සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණයි. එහිදී විවිධ තලයේ ද්වී පාර්ශ්වීය කරුණුද සාකච්ඡා කෙරෙනු ඇත.

මේ අතර, යුරේනියම් පෝෂණයට ඉරානය සතු අයිතිය තහවුරු කිරීම ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා හි මූලික අංගයක් බව එරට විදේශ අමත්‍ය, අබ්බාස් අරඛ්චි ඊයේ (8) අවධාරණය කළේය.

 



සිකුරාදා (6) දෙරට අතර වක්‍ර සාකච්ඡා ආරම්භ කෙරිණි.

යුරේනියම් සංචිත පෝෂණ අයිතිය හරණයට කිසිසේත් එකඟ නොවන බව අරඛ්චි පැවසීය. "සාකච්ඡා, ඉරානය තුළ යුරේනියම් සංචිත පෝෂණය පිළිගන්නා තැනකට යා යුතුයි. එය විශ්වාසය තහවුරු වන සේ කළ යුත්තක්. යුරේනියම් පෝෂණය සාමකාමී කටයුතු උදෙසා පමණක් බව අප තරයේ කියා සිටිනවා," යි හෙතෙම කියා සිටියේය.

එකඟතා සපුරාලීමට අපොහොසත් වීමෙන්, පසුගිය වසරේ දෙරට අතර ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ සාකච්ඡා වට පහක් අසාර්ථක විය. අනතුරුව, එම වසරේ ජුනි මස දින 12ක ඊශ්‍රායල බෝම්බ හෙළීම් අවසන, එක්සත් ජනපදය, ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ඨාන සොයා ගුවනින් ප්‍රහාර එල්ල කළේය.

iranncy4t
ඉරාන පසෙහි අඩංගු යුරේනියම් පෝෂණය තහවුරු කෙරෙන තාක් සාකච්ඡා පිණිස බාධාවක් නැතැයි ටෙහෙරානය විසින් දැනුම් දී තිබේ. එක්සත් ජනපද හමුදා තර්ජන   සහ ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කර ගත යුතු බවත් රජය අවධාරණය කර සිටී.

යුරේනියම් පෝෂණයට ඉරානය සතු අයිතිය හුදෙක් ආර්ථික ක්‍රමය හෝ තාක්ෂණික කරුණු මත පදනම් වූවක් නොව, එය ස්වෛරී භාවය සහ රාජ්‍යයේ ගෞරවය මත පදනම් වූවක් බව ටෙහෙරානය කියයි.

ඉරානය සහ එක්සත් ජනපදය අතර මීළඟ වටයේ සාකච්ඡා බොහෝ විට ඕමානයේ මස්කට් නුවර නොපැවැත්වෙනු ඇතැයි පැවසේ.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍ර :

Adviser to Iran's Supreme Leader to visit Oman on Tuesday after US-Iranian talks

Iran insists on right to enrichment, ready for confidence-building

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්