ලෙබනනයේ ට්‍රිපොලි නුවර නේවාසික ගොඩනැගිලි කඩා වැටීමෙන් මිය ගිය පිරිස 14තෙක් ඉහළ යයි.
මුදා ගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් අවසන් කර තිබේ. සුන් බුන් අතර සිර වී සිටි අට දෙනකු බේරා ගත් බව සහන කණ්ඩායම් පැවසූහ.
ට්‍රිපොලි හි බාබල් තබානේ ප්‍රදේශයේ වූ යාබද නේවාසික ගොඩනැගිලි දෙකක් ඊයේ (8) ඇද වැටී විනාශ විය.
අතුරුදන් පිරිස කෙතෙක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. දිරාපත් වීම සහ නිසි නඩත්තුවක් නොමැති වීම ගොඩනැගිලි කඩා වැටීමට හේතු බවට අනුමාන කෙරේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Lebanon's Tripoli building collapse kills 15







