leader s

ජනගහන පහත වැටීමට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විදේශයන්ගෙන් කාන්තාවන් ‘ආනයනය කිරීම’ කළයුතු බවට

කරන ලද මතභේදාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ජින්ඩෝ ප්‍රාන්තයේ ප්‍රධානියා නෙරපා හැරීමට දකුණු කොරියාවේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තීරණය කර තිබේ.

දකුණු ජෙයෝල්ලා පළාතේ ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානියා වන කිම් හී-සුගේ අපහාසාත්මක ප්‍රකාශ සඳහා ඔහු නෙරපා හැරීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උත්තරීතර කවුන්සිලය ඒකමතිකව ඡන්දය දුන් බව එම පක්ෂයේ ප්‍රකාශක Park Soo-hyun වාර්තාකරුවන්ට පැවසීය.

පසුගිය බදාදා දකුණු ජෙයෝල්ලා හි නගර සභා රැස්වීමකදී ග්‍රාමීය ප්‍රදේශවල තරුණ පිරිමින් සමග විවාහ වීම සඳහා ‘වියට්නාමයෙන් සහ ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය’ කිරීමට කිම් යෝජනා කිරීමෙන් දින පහකට පසුව මෙම තීරණය ගෙන තිබේ.

පසුදා කිම් සමාව අයැද සිටියේ, ඔහුගේ ප්‍රකාශය ජනගහනය දැඩි ලෙස පහත වැටීම සහ විවාහය සඳහා පවතින ගැටළු ඇතුළු ග්‍රාමීය ප්‍රදේශ මුහුණ දෙන ව්‍යුහාත්මක ප්‍රශ්න ඉස්මතු කිරීමට අදහස් කළ බව පවසමිනි.

| ceylonwire

මුලාශ්‍රය :

Outrage in South Korea over ‘importing virgins’ proposal to raise birth rate

South Jeolla apologizes after Jindo governor suggests 'importing young virgins' from Sri Lanka, Vietnam

Democratic Party expels Jindo governor over 'virgins' remark


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්