බංග්ලාදේශය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර නව ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව බංග්ලාදේශ
අපනයන සඳහා පනවා තිබූ තීරුබදු 19% දක්වා අඩු කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර 37% මට්ටමේ තිබූ තීරුබදු පසුව 20% දක්වා අඩු කෙරුණු අතර, නව ගිවිසුම යටතේ එය 19% දක්වා තවදුරටත් අඩු කර ඇති බව සඳහන්වේ.
ඇමරිකාවේ නිෂ්පාදිත කපු සහ කෘතිම නූල් (man-made fiber) භාවිතයෙන් නිපදවන බංග්ලාදේශ ඇඟලුම් සඳහා ශුන්‍ය (0%) තීරුබදු සහනයක් ලබා දීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇමරිකාව එකඟ වී තිබේ.
මෙම සහනයත් සමඟ බංග්ලාදේශයට තම අසල්වැසි ඉන්දියාව (තීරුබදු 18%) සමග ඇමරිකානු වෙළඳපොළ තුළ වඩාත් හොඳින් තරග කිරීමට අවස්ථාව හිමි වේ.
නව ගිවිසුමට අනුව බංග්ලාදේශය ද ඇමරිකානු නිෂ්පාදන සඳහා සිය වෙළඳපොළ විවෘත කිරීමට එකඟ වී තිබෙන බව සඳහන් වේ.
රසායනික ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර, වාහන අමතර කොටස්, සෝයා, කිරි නිෂ්පාදන සහ මස් වර්ග සඳහා බංග්ලාදේශ වෙළඳපොළ තුළ විශේෂ ප්‍රවේශයක් හිමි වේ.
බංග්ලාදේශය ඇමරිකාවෙන් බෝයිං (Boeing) ගුවන් යානා 14ක් මිලදී ගැනීමටත්, ඉදිරි වසර 15 තුළ ඩොලර් බිලියන 15ක බලශක්ති නිෂ්පාදන සහ ඩොලර් බිලියන 3.5ක කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමටත් එකඟතාව පළ කර ඇති බව සඳහන් වේ.
මෙම ගිවිසුම යටතේ බංග්ලාදේශය ජාත්‍යන්තරව පිළිගත් කම්කරු අයිතිවාසිකම් සුරැකීමට සහ පරිසර ආරක්ෂණ නීති ශක්තිමත් කිරීමට ද පොරොන්දු වී ඇත.
මාස නවයක සාකච්ඡා වටයකින් පසු එළඹුණු මෙම තීරණය බංග්ලාදේශ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ඇඟලුම් ක්ෂේත්‍රයට විශාල සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
| hirunews
මුලාශ්‍රය :
US, Bangladesh agree energy trade deal
Bangladesh secures reduced 19% US tariff, exemption for some apparel made with US material







