leader s

මිසයිල වැඩසටහන රතු ඉරක් බවත්, ඒ පිලිබඳ එක්සත් ජනපදය හා කිසිදු කතා බහක් නොමැති බවත් ඉරානය අද (11) පැවසීය.  


ගැටුම් වැලැක්වීම පෙරදැරිව ටෙහෙරානය සහ සහ වොෂින්ටනය අතර මීළඟ වටයේ සාකච්ඡා පිණිස කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. ඉකුත් සතියේ ඕමානයේදී ඉරානය සහ එක්සත් ජනපදය අතර වක්‍ර සාකච්ඡා සිදු කෙරිණි. ඉරානය මිසයිල තාක්ෂණ ශක්‍යතා අනාවරණය කිරීම දෙරට අතර සාකච්ඡා හි අරමුණ නොවන බව ඉරානය අවධාරණය කර සිටී.

 

Doc P 904916 639064053666796200

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ කෙරෙහි පමණක් එම සාකච්ඡා අතරතුර  අවධානය යොමු කළ යුතු බව, එරට රජය පවසයි. එරටට පනවා ඇති සම්බාධක ද ඉවත් කළ යුතු බව අවධාරණය කෙරේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වොෂින්ටනයේ පැවැත්වෙන හමුවේදී, ඉරාන මිසයිල සීමා කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.

එහෙත්, එය ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා න්‍යාය පත්‍රයේ කොටසක් නොවන බව, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි පසුගිය දා පැවසීය.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran says it won't negotiate over its missile capabilities

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්