leader s

අද (11) දකුණු තායිලන්තයේ සොන්ග්ඛ්ලා හි පාසලක් වෙත කඩා වැදුණු තුවක්කු කරුවකු එහි සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ප්‍රාණ ඇපයේ තබා සිටින බව වාර්තා වේ.


මේ අතර බටහිර කැනඩාවේ පාසලක තුවක්කු කරුවකු විසින් ඊයේ (10) සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෑත ඉතිහාසයේ එරටින් වාර්තා වූ දරුණුතම සමූහ ඝාතනය එය වේ. වෙඩි තැබීම සිදු කර ඇත්තේ කාන්තාවක විසින් බව  ද වාර්තා වේ.

cxbddf
එම වෙඩි තැබීම එක්සත් ජනපදයේ විටින් විට සිදුවන සමූහ වෙඩි තැබීම් හා සමාන ස්වරූපයක් ගන්නා බව විමර්ශකයෝ පැවසූහ.  

සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

වෙඩි තැබීමේදී සිදු වූ ප්‍රමාද දෝෂයකින් එම කාන්තාවද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.

එක්සත් ජනපදයේ මෙන් නොව කැනඩාවේ ගිනි අවි නීතිය ඉතා දැඩි එකකි. එහෙත්, කැනේඩියානුවකු හට බලපත්‍ර සහිත ගිනි අවි ළඟ තබා ගැනීමේ අවසර හිමි ය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Gunman who entered southern Thai school detained, two wounded

Ten dead after shooter opens fire at Canadian high school in rare massacre


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්