leader s

බටහිර කැනඩාවේ පාසලක් ඉලක්ක කර ඊයේ (11)  සිදු කළ මාරාන්තික වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ 18 හැවිරිදි තරුණියක් බව, පොලිසිය සඳහන් කරයි.


ඇය මානසික ව්‍යාධියකින් පෙළෙමින් සිටි තැනැත්තියක බවද වාර්තා වේ.  සිය මව සහ ඥාති සොහොයුරකු ද ඝාතනය කිරීමෙන් අනතුරුව, ඇය විසින් තමන්  අධ්‍යාපනය ලද එම පාසල වෙත වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ. ඊයේ සිදුවීම එරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම සමූහ ඝාතනයක් සේ සැලකේ.

ජේසි වෑන් රූට්සෙලාර් (Jesse Van Rootselaar) නම් එම තරුණිය ද පාසල් වෙඩි තැබීමෙන් අනතුරුව සිය දිවි හානි කරගෙන ඇතැයි, පොලිසිය සඳහන් කරයි. එම සිද්ධියෙන් ඇය ඇතුළු නව දෙනෙක්  ජීවිතක්ෂයට පත් වූහ.

 



බ්‍රිටිෂ් කොලොම්බියා හි, පැසිෆික් පළාතේ 2,400ක පමණ ගැමි  ප්‍රජාවක් සහිත ටම්බ්ලර් රිජ් හිදී එම අවාසනාවන්ත සිදුවීම සිදු විය.

ජේසි වෑන්, වරක් පළාත් මානසික සෞඛ්‍ය පනත යටතේ රඳවා සිටි තැනැත්තියක බව ද අනාවරණය විය. පසුගිය වසර කිහිපයේ වාර ගණනාවක දී පොලිසිය විසින් ඇය පදිංචිව සිටි නිවෙස පරීක්ෂාවට ලක් කර ඇති බව ද වා ර් තා වේ.

පිරිමි උපතක් සහිතව මෙලොව එළිය දුටු ජේසි වෑන් මීට වසර හයකට පමණ පෙර කාන්තාවක් බවට පත් තැනැත්තියකි.

 

Canadian police identify 18 year old woman as suspect in mass school shoot

එම අවාසනාවන්ත සිදුවීමෙන් කැනඩාවට උගත හැකි පාඩම් බොහෝ බව, එරට අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මාධ්‍ය වෙත පැවසීය. සිදුවීම හේතුවෙන් ඔහු සිය යුරෝපා සංචාරය ද කල් දැමීය. ඉදිරි දින හත තෙක් රජයේ සියලු ගොඩනැගිලි හි ජාතික ධජය අඩ කුඹ කර ශෝකය ප්‍රකාශ කරන ලෙස ද දන්වා තිබේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Canadian police identify 18-year-old woman as suspect in mass school shooting

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්