leader s

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP (Bangladesh Nationalist) පක්ෂය පාර්ලිමේන්තු ආසන 299න් 211ක් දිනාගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.


ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී පාර්ශවය වූ ජමාත්-ඊ-ඉස්ලාමි (Jamaat-e-Islami) සන්ධානය ආසන 70ක් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ඡන්ද ප්‍රතිපල අනුව BNP පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියාගේ පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

 

66b1cd72629b9 bnps acting chairman tarique rahman 061456675 16x9තාරික් රහ්මාන්
පසුගිය 17 වසරක කාලය පුරා තරීක් රෙහ්මාන් ජීවත් වූයේ ලන්ඩන් නුවරය. ඒ, ඇගේ මව සහ පවුලේ සාමාජිකයන් ෂෙයික් හසීනාගේ පාලනය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක් වුණු බැවිනි. ඔහු යළි බංග්ලාදේශය බලා පැමිණියේ පසුගිය 2025 දෙසැම්බරයේය.

2024 වසරේ සිසු අරගලෙයන් පසු බංග්ලාදේශයේ පාලනය අන්තර්වාර පාලක මණ්ඩලයකට හිමිවිය. ඊයේ (12) පැවැත්වූයේ සිසු අරගලයෙන් පසු පළමු මැතිවරණයයි.

නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත්කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණු විය.

ඒ අනුව එරට ඉතිහාසයේ ඡන්ද විමසීම් දෙකක් එකවර පැවැත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.

කෙසේ නමුත් ධුරයෙන් පහකළ එරට හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණය සඳහා තරග කිරීම තහනම් කර තිබුණි.

 



මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනියි: ෂෙයික් හසීනා

2024 සිසු අරගලයෙන් පසු ධුරය හැර දමා ඉන්දියාවට පලා ගිය බංගලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසන්නේ, බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් ය.

හසීනා නියෝජනය කරන්නේ අවාමි ලීගය පක්ෂය වන අතර, පනවා ඇති තහංචි හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකිවිය.

sheikh hasina 6

ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හසීනා පැවැසුවේ, තම පක්ෂය තහනම් කර ඇති බැවින් සහ ඡන්ද දායකයන් ඉතා අඩු ප්‍රතිශතයක් ඡන්ද පොළට යෑම හේතුවෙන් මැතිවරණය අවලංගු කළ යුතු බවය.

ඊයේ (12) සවස 4.30 වෙද්දී ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වුණු අතර, එසැණින් ඡන්ද ගණන් කිරීම ආරම්භ විය. බංග්ලාදේශ මැතිවරණ බලධාරින්ට අනුව, ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 55 කි. මැතිවරණ කොමිසම නිවේදනය කර තිබුණේ මිලියන 127 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවය.‍


මුලාශ්‍ර :

Bangladesh election results live: Tarique Rahman’s BNP claims victory

'Confident we will form the next government': Bangladesh National Party tells BBC

Live Updates: Bangladesh Nationalist Party Claims Victory in Pivotal Election

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්