ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ සාකච්ඡාකරමින් කල් නොමරා වහා සතුරාට පහර දෙන ලෙස එරට අවසන් රජුගේ පුත් රේසා පහ්ලවී ඊයේ (14) ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඉල්ලා සිටියි.
ඉරාන සිවිල් වැසියන් ඝාතනය වීම වලක්වාලිය හැක්කේ එක්සත් ජනපද සන්නද්ධ මැදිහත්වීමකින් පමණක් බව, ඔහු අවධාරණය කරයි.
ඉරාන දැඩි මතධාරී මූලධර්මවාදී රජය බිඳ වැටීමට ඉතා ආසන්න බව, ඔහු රොයිටර්ස් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී පැවසීය. එක්සත් ජනපද ප්‍රහාරයකින් එය තව දුරටත් දුර්වල කළ හැකි හෝ බිඳ වැටීම වේගවත් කළ හැකි බවත් ඔහු කියා සිටී.
ඔහු එබව කියා සිටියේ, මියුනිච් ආරක්ෂක සමුළුව පැවැත්වෙන අතරවාරයේ ය. ඉරාන බලධාරීන්ට එම සමුළුව තහනම් කෙරිණි.
"දැන් ඇත්තේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණයි. මේ ප්‍රහාරය දැන් ම සිදුකරන්න. එවිට ජනතාවට වීදි බසීවී. මේ අන්තවාදී රාජ්‍යයේ ඉතිරිය ඔවුන් විසින් බිඳ විනාශ කර දමාවි," පහ්ලවී පැවසීය.
1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් එවක, සිය පියාගේ නායකත්වයෙන් යුත් රජය පෙරළා දැමූ තැන් සිට ඉරානයෙන් බැහැරව වාසය කළ ඔහු මේ වන විට, එක්සත් ජන්දය කේන්ද්‍ර කොට වෙසෙයි.
මෙවර ඉරාන අරගලයෙන් විශාල පිරිසක් මරුමුවට පත් ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් සිවිල් වැසියන් දහස් ගණනක් රාජ්‍ය අත්අඩංගුවේ පසුවෙති. රාජ්‍ය වෑයම මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් මගින්, තව දුරටත් රජයට එරෙහි ජන අරගල හටගැනීම වැලැක්වීමයි.
ඉකුත් දෙසැම්බර 28 දා ටෙහෙරානයේ ග්‍රෑන්ඩ් බසාර් හිදී, ජන අරගලය මුලින්ම හට ගත්තේය. ආර්ථික දුෂ්කරතා මුල් කර හට ගත් එම අරගලය සැණින් රජයට එරෙහි කැරැල්ලක් ලෙස රට පුරා ව්‍යාප්ත විය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/15/2026
(
මුලාශ්‍රය :
Son of Iran's last shah urges US military intervention in Iran







