leader s

නවසීලන්තයේ නොර්ත් අයිලන්ඩ් හි ධාරාණිපාත වැසි ඇදවැටෙමින් පවතී. අයහපත් කාලගුණික තත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි, එරට කාලගුණ බාධාරීහු අනතුරු අඟවති.


ඊයේ (14), එහි හටගත් ජල ගැල්මෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. සුළං ප්‍රවාහ තව දුරටත් ප්‍රචණ්ඩ වෙමින් ඇත.

ආපදා තත්ත්වයෙන් වැඩි වශයෙන් හානියට පත්ව ඇත්තේ ඔටොරොහන්ගා දිස්ත්‍රික්කයයි. 10,000ක පමණ ජනගහනයෙන් යුත් එය කෘෂිකාර්මික කලාපයකි. එරට වැඩිම ජනගහනයක් වෙසෙන ඕක්ලන්ඩ් නගරයට කි.මී.180ක් දුරින් එය පිහිටා තිබේ.

 

එහි භූ තාක්ෂණික කණ්ඩායම් සක්‍රීය කර ඇත. හදිසි නාය යාම් පිලිබඳ  රාත්‍රිය පුරා ඔවුහු විමසිල්ලෙන් පසු වූහ. එහි සියලු මාර්ග පද්ධති ද ඔවුන්ගේ දැඩි අවධානයේ පවතී. නිවෙස් සහ ගොඩනැගිලි ඒකක 2452ක් වෙත විදුලිය විසන්ධිව පවතී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/15/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :


New Zealand braces for more heavy rain, severe gales after floods kill one person

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්