leader s

එක්සත් ජනපදය සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා අද (17) ජිනීවාහිදී ආරම්භ විය.

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සාකච්ඡාහි ප්‍රධාන මාතෘකාව ය.

මැදපෙරදිග තර කර ඇති එක්සත් ජනපද හමුදා දෙරට රාජ්‍ය තාන්ත්‍රික කතා බහ පිළිබඳ නොඉවසිල්ලෙන් පසුවෙති.

එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් එම පාර්ශ්වයෙන් සාකච්ඡා සඳහා සහභාගි වෙති. ඕමානය මැදහත් පාර්ශ්වය ලෙස කටයුතු කරයි. ඉරාන පාර්ශ්වය නියෝජනය එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි විසිනි.

ජිනීවා කතාබහට වක්‍රාකාරව සහභාගි වන බව ජනපති ට්‍රම්ප් විසින් පවසා ඇත. ඉරානය යම් එකඟතාවකට පැමිණෙනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

"ඉරාන න්‍යෂ්ටික සංචිත විනාශ කිරීමට අපේ B-2 යානා යවනවා වෙනුවට, කලින්ම මේක එකඟතාවෙන් විසඳ ගන්න තිබුණා. ඒත් ඉතින් අපට ඒවා යවන්න වුණා," සිය නිල ගුවන් යානය වන "එයාර් ෆෝර්ස් වන්" හි සිට ඊයේ (16)  මාධ්‍යවේදීන් ඇමතූ ජනපති ට්‍රම්ප් කියා සිටියේය.

පසුගිය වසරේ දෙරට අතර සාකච්ඡා අසාර්ථක විය. අනතුරුව ඉකුත් ජුනි මස එක්සත් ජනපද හමුදා ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන සොයා ගුවනින් ප්‍රහාර එල්ල කළහ. ඊට B-2 ප්‍රහාරක යානා යොදා ගැණිනි. එම ප්‍රහාර පිණිස ඊශ්‍රායලය ප්‍රබල  දායකත්වයක් සැපයීය.

මෙවර සාකච්ඡා සාර්ථකත්වය, ඉරානය මත පනවා ඇති එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීම සහ දෙරට කතා බහේදී එක්සත් ජනපද පාර්ශ්වය  අවිචාරවත්   ඉල්ලීම් වලින් බැහැරවීම මත පමණක් බව, ඉරාන රාජ්‍ය  නියෝජිතයකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ඕමාන තානාපතිවරයාගේ නිවසේදී දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අද සාකච්ඡා පැවැත්විණි.

(සටහන;  Reuters ඇසුරින්, හර්ෂ උදයකාන්ත පීරිස්)
17.Feb.2026


මුලාශ්‍රය :

Iran partially shuts Strait of Hormuz as US, Iran hold nuclear talks

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්