leader s

චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඇන්ඩෘ කුමරු බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන පිළිබඳ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කළ සමයේදී, රජයට අයත් රහස්‍ය තොරතුරු සහ ලිපිගොනු අනිසි ලෙස පරිශීලනය කර ඇති බවට වූ සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

මෙම රහස්‍ය තොරතුරු ඔහු විසින් මියගිය ඇමරිකානු ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) වෙත ලබා දුන් බවට එල්ල වූ පැමිණිල්ලක් මත පදනම්ව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් මීට පෙර "ඇන්ඩෲ කුමරු" ලෙසද හැඳින් වූ අතර නමුත් පසුගිය වසරේදී එය ඔහුගෙන් ඉවත් කරන ලදි.

අද දිනට යෙදී ඇති ඔහුගේ 66 වන උපන් දිනයේදීම මෙම අත්අඩංගුවට ගැනීම සිදු වීම විශේෂත්වයක් බව එ‍රට මාධ්‍ය වාර්තා කරයි.


මුලාශ්‍ර :

'Law must take its course': King Charles on arrest of his brother Andrew Mountbatten-Windsor amid Epstein probe

UK King’s brother Andrew arrested on suspicion of misconduct

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්