leader s

බ්‍රිතාන්‍යයේ විරැකියා අනුපාතය පසු ගිය දස වසර තුළ පැවති අගයේ උපරිමයට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, මධ්‍ය වාමාංශික රජය මගින්, තරුණ ශ්‍රමිකයින් උදෙසා අඩු අවම වැටුප්  නිර්දේශ කිරීමේ ප්‍රතිපත්ති ද දැඩි අභියෝගයකට ලක්ව තිබේ.

පසු ගිය වසර අවසන් කාර්තුවේ, එරට, වයස අවුරුදු 16 - 24ත් අතර විරැකියා අනුපාතය 16.1%කින් ඉහළ ගොස් ඇති බව නවතම නිල වාර්තා පෙන්වා දෙයි. 2025 වසර මැද භාගයේ එම අනුපාතය 13.8% ක් විය. එරට තරුණ විරැකියා අනුපාතය යුරෝ කලාපයේ එම අනුපාතය අභිබවා පවතී.

 

UK 2

දැඩි ආර්ථික අවපාත හමුවේ සහ ඉකුත් අප්‍රේල් මස සේව්‍ය සමාජ ආරක්ෂණ ගාස්තු ඉහළ දැමීමට රජය ගත් පියවර හමුවේ අවම සේවක වැටුප් නීර්ණ තීව්‍ර ලෙස ඉහළ ගියේය. ක්ෂේත්‍ර රැසක් වෙත කෘත්‍රිම බුද්ධිය ආදේශ කිරීමේ ප්‍රතිඵල කෙතෙක් දැයි මෙතෙක් ගණනය කර නැත.  

ඉකුත් තෙවසර තුළ, බ්‍රිතාන්‍යයේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථාවන්ට සාපේක්ෂව අවම වැටුප් නිර්දේශ යටතේ පවතින රැකියා අවස්ථාහි සීග්‍ර අඩු වීමක් දක්නේ වේ. එය ජර්මනියේ සහ ප්‍රංශයේ එම තත්ත්වයට ඉඳුරා ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි.

 

UK 3
පසුගිය අප්‍රේල් සහ ඔක්තෝබර අතර කාලයේ බ්‍රිතාන්‍යයේ පුද්ගලික අංශයේ වැඩිම විරැකියා අවස්ථා වාර්තා වන්නේ, සත්කාරක හා සිල්ලර ක්ෂේත්‍ර වලිනි. එය තරුණ ශ්‍රම බලකාය වෙත සෘජු බලපෑමක් එල්ල කර ඇත.

කෘත්‍රිම බුද්ධිය හෙතුවෙන් එරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේද රැකියා අහිමිවීම සාමාන්‍ය අනුපාතයට ඉහළ අගයක් පෙන්නුම් කරන්නේය. මේ අතර ඉහළ යන කම්කරු වියදම් පාලනයට ඇතැම් සමාගම් විසින් ශ්‍රම  සුරැකුම් තාක්ෂණය ආදේශ  කර තිබේ.

මේ වන විට බ්‍රිතාන්‍යයේ අවම වැටුප් අනුපාතය පැයට පවුම් 12.21ක් (ඇ.ඩො. 16.40) වේ. එය පසු ගිය තෙවසරට සාපේක්ෂව 29%ක වර්ධනයකි. වයස අවුරුදු  18 -20 අතර බ්‍රිතාන්‍ය ශ්‍රමිකයකුගේ අවම වැටුප පැයට පවුම් 10කි. එය 46%ක වර්ධනයක් බව ආර්ථික නිරීක්ෂකයෝ පවසති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/20/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Rising UK youth unemployment tests government over wage pledge

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්