leader s

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන මෙම නව ගෝලීය බද්ද පනවා ඇත.

නව බද්ද ප්‍රකාශයට පත්කරමින් ඔහු පවසා ඇත්තේ, සිය බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය 'අතිශයින්ම කලකිරීමට පත්කරන කරුණක්' බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම අධිකරණ තීන්දුව ට්‍රම්ප් පාලන තන්ත්‍රය ලැබූ දරුණු පසුබෑමක් ලෙස සැලකෙයි.

ඒ, අදාළ තීරුබදු පැනවීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් වූ බැවිනි.

එම අධිකරණ තීන්දුව "අතිශය නරක" එකක් ලෙස හැඳින්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් "මෝඩයන්" ලෙස හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

6ට 3ක බහුතර තීන්දුවක් මගින් අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා කටයුතු කර ඇති බවයි.

මෙම තීරණය එම බදුවලට අභියෝග කළ ව්‍යාපාරිකයන්ට සහ අමෙරිකානු ප්‍රාන්තවලට ලැබුණු විශාල ජයග්‍රහණයක් වූ අතර, එමගින් ඩොලර් බිලියන ගණනක බදු මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව විවෘත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම මෙය ගෝලීය වෙළෙද ක්ෂේත්‍රය තුළ නව අවිනිශ්චිතතාවක් ද ඇති කර තිබේ.

ඊයේ (20) ධවල මන්දිරයේ සිට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ, නීතිමය සටනකින් තොරව මෙම මුදල් ආපසු ලබා නොදෙන බවයි.

මෙම ගැටලුව වසර ගණනාවක් තිස්සේ උසාවියේ පවතිනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ඔහු පැවසිය.

එසේම මෙම තීරු බදු ක්‍රියාත්මක කිරීමට තමා වෙනත් නීති වෙත යොමු වන බව ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


මුලාශ්‍රය :

Trump furious after Supreme Court upends his global tariffs, imposes new 10% levy

Trump signs 10% global tariffs after railing against Supreme Court ruling

Trump signs 10% global tariff in bid to salvage trade plans

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්