leader s

මෙක්සිකෝවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය දැවැන්තයකු වන නෙමෙසියෝ ඔසෙගුවේරා නොහොත් එල් මෙන්චෝ ඊයේ (22) එරට හමුදා වැටලීමකින් ජීවිතක්ෂයට පත් විය. ඒ  සමග රට පුරා භීෂණ රැල්ලක් ද හටගෙන තිබේ.


එරට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ නීති විරෝධී ප්‍රවාහනයේ යෙදෙන  ජාවාරම්කරුවන් දැඩි ලෙස මර්ධනය කරන ලෙස ජනපතිනි ක්ලෝඩියා ෂේන්බාම් වෙත එක්සත් ජනපදයෙන් ද දැවැන්ත බලපෑමක් එල්ල වී  තිබේ. කෘත්‍රිම  ඔපියොයිඩ් ෆෙන්ටැනිල් එසේ නීති විරෝධීව සහ වැඩි වශයෙන්ම මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට ප්‍රවාහනය කෙරෙන මත්ද්‍රව්‍යය වේ.

60 හැවිරිදි ඔසෙගුවේරා CJNG නම් නව පරපුරේ අපරාධ රැල්ලක මහ මොළකරු විය. එරට පැසිෆික් වෙරළ තීරයේ ජැල්සිකෝ ප්‍රාන්තයේ ටැපල්පා නගරයේ, මෙක්සිකෝ විශේෂ බලකාය විසින් සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමකදී තුවාල ලත් ඔහු අත්අඩංගුවේදී ජීවිතක්ෂයට පත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. ඔහුගේ මළ සිරුර ඊයේ මධ්‍යාහ්නයේ දැඩි රැකවල් මධ්‍යයේ මෙක්සිකෝ නගරය වෙත රැගෙන එනු ලැබිණි.

mexci
එක්සත් ජනපද බුද්ධි තොරතුරු මත මෙක්සිකෝ හමුදා විසින් එම මෙහෙයුම සිදු කෙරිණි. ඊට එක්සත් ජනපද විශේෂ බලකා සහාය ද  හිමි විය.  මත් ජාවරම්කරුගේ මරණය සැලවීමත් සමග ඔහුගේ ආධාරකරුවෝ රට පුරා දැවැන්ත භීෂණයක් දියත් කළහ. ඔවුහු ප්‍රධාන මාර්ග අවහිර කර මෝටර් රථ සහ ව්‍යාපාරික ස්ථාන ද ගිනි තැබූහ. ඒ හේතුවෙන් රට පුරා දෛනික කටයුතු රැසක් අඩපණ විය. භීෂණයෙන් සාමාන්‍ය පුද්ගල මරණ කිසිවක් වාර්තා වී නැත.

ජැල්සිකෝ වෙරළ තීරයේ ජනප්‍රිය විදෙස් සංචාරක ගමනාන්තයක් වන පුවර්ටෝවලාර්ටා නිකේතනයේ වූ සංචාරක පිරිස් ද භීෂණ රැල්ලෙන් මහත් භීතියට පත් වූහ. සමස්ත ප්‍රදේශය යුද පිටියක් සේ දිස්වන්නේ යැයි, ඔවුහු සමාජ මාධ්‍යයේ සටහන් තැබූහ. මත් ජාවාරම්කරුගේ අධාරකරුවන් විසින් සිදු කළ ගිනි තැබීම් හේතුවෙන්, ප්‍රදේශය ඉහළ අහස කළු දුම් වලාවන්ගෙන් වැසී ගියේය. එයාර් කැනඩා, යුනයිටඩ් එයාර් ලයින්ස්, එරෝමේක්සිකෝ සහ ඇමරිකානු ගුවන් සේවය, එම ප්‍රදේශයේ මෙහෙයුම් තාවකාලිකව අවලංගු කළහ.

හමුදා මෙහෙයුමෙන් ජීවිතක්ෂයට පත් ඔසෙගුවේරා එරට හිටපු පොලිස් නිලධාරියෙකි. ඔහුගේ නායකත්වයෙන් නැගී සිටි අපරාධ ජාලයට බලහත්කාරයෙන් පුද්ගලයින් බඳවා ගැනීමට සහ ශ්‍රම අපයෝජනයට කටයුතු කෙරිණි. එම ජාලය සීග්‍රයෙන් මෙක්සිකෝවේ දරුණු අපරාධ 'සමාගමක්' බවට පත් විය. නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම, ජාත්‍යන්තර ඉන්දන සොරකම්, පුද්ගල ඝාතන, සංකීර්ණ මූල්‍ය වංචා සහ මිනිස් වෙළඳාම වැනි අපරාධ රැසක් ඔහුගේ අනුදැනුම යටතේ ක්‍රියාත්මක විය. එම අපරාධ පිණිස, ඩ්‍රෝන තාක්ෂණය පවා යොදා ගැනිණි. බටහිර මෙක්සිකෝවේ සිවිල් පුද්ගලයන් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කෙරිණි.

5117
ඊයේ සිදු කළ වැටලීම මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදය වෙත ඩොලර් බිලියන ගණනක මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දියත් කළ දැවැන්ත මෙහෙයුමකි. ඊට සම්බන්ධ තවත් අපරාධ කල්ලි දෙකක ද නායකයෝ ද එහිදී අත්අඩංගුවට පත් වූහ. මේ වන විට, ඔවුහු එක්සත් ජනපද බන්ධනාගාර භාරයේ පසුවෙති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/23/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Mexican military kills cartel boss 'El Mencho' in US-backed raid

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්