leader s

ලෙබනනයේ බෙකා නිම්නයේ සිකුරාදා (20) සිදු කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට අධික පිරිසක් තුවාළ ලැබූහ.  


බාල්බෙක් ප්‍රදේශයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර දියත් කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ.

මෑතක, එම ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා දියත් කළ දැවැන්තතම ප්‍රහාරය මෙය වේ. ප්‍රහාර හේතුවෙන් දෙරට අතර සටන් විරාමය බාධාව පවතී.

 

සිකුරාදා ප්‍රහාරයේ ඉලක්කය නැගෙනහිර ලෙබනනයේ හිස්බුල්ලා අණ මධ්‍යස්ථාන වී යැයි, ඊශ්‍රායල හමුදා කියති. එම මධ්‍යස්ථාන තුනක ස්ථාන ගත කර සිටි හිස්බුල්ලා මිසයිල බලකා ත්‍රස්තයින් රැසක් ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ බව ද එම හමුදා පැවසූහ. ත්‍රස්තයින් සිය භට පිරිස් තර කර ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීමේ සලසුමින් සිටි බව ඊශ්‍රායලය කියයි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය අණ දෙන නිලධාරියකු ඇතුළු සාමාජිකයින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව හිස්බුල්ලා සංවිධානය දන්වා  සිටී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/23/2026

මුලාශ්‍රය :

Israeli strikes in Lebanon kill at least 10, including senior Hezbollah official

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්