පාකිස්ථාන හමුදා සෙනසුරාදා (21) ඇෆ්ඝනිස්ථානයේ සන්නද්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළහ.
ඉස්ලාමීය රාමදාන් උපවාස සමයේ නොබෝදා, පාකිස්ථානයේ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස එය සිදු කර තිබේ.
සෙනසුරාදා ප්‍රහාරයෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් ව, තවත් විශාල පිරිසක් තුවාළ ලැබූහ. ඊට ප්‍රතිචාර දක්වන බව කාබුල් රජය කියයි.
ඇෆ්ඝනිස්ථානය භාරයේ පසුවූ පාකිස්ථාන හමුදා භටයින් තිදෙනෙක් සෞදි රජයේ මැදිහත්වීමෙන් පසු ගිය දා නිදහස ලැබූහ.
බුද්ධි තොරතුරු මත ඇෆ්ඝනිස්ථාන දේශ සීමාවේ ත්‍රස්ත කඳවුරු හතක් සහ තවත් ඉලක්ක වෙත සෙනසුරාදා ප්‍රහාර එල්ල කළ බව, පාකිස්ථානය ඊයේ (22) නිවේදනය කළේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Afghanistan's ruling Taliban says Pakistan strikes kill, injure dozens







