leader s

"ජයග්‍රහණය අප සතුවේ" යනුවෙන් සියොල් අගනුවර රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇති විශාල ප්‍රමාණයේ බැනරයක් වහා ඉවත් කර ගන්නා ලෙස දකුණු කොරියා රජය ඊයේ (22)  එම තානාපති කාර්යාලයට දැන්වීය.  


මෙම සතියේ රුසියානු - යුක්‍රේන යුද්ධයේ සිව් වන සැමරුම යෙදී ඇත.

රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රදර්ශිත බැනරයේ දිග මීටර 15ක් පමණ වේ. එය එම කාර්යාලයේ පිටත බිත්තියේ ඉහළ සිට පහතට කඩා හැලෙන සේ ප්‍රදර්ශනය කර තිබේ.

zY4NN8uo
යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය අනීතික බව දකුණු කොරියා විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.  

රුසියාව සහ උතුරු කොරියාව අතර හමුදා සහයෝගිතාව වහා අවසන් කළ යුතු බවද දකුණු කොරියා විදේශ අමාත්‍යංශය කියා සිටී. එම සහයෝගිතාව දකුණු කොරියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව අවධාරණය කර තිබේ. රුසියානු ආක්‍රමණය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ එම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නකැයි විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

රුසියානු කර්ස්ක් කලාපයේ එම හමුදාවන්ට සහාය පල කෙරෙන උතුරු කොරියානු හමුදා සභාගිත්වය පිලිබඳ මෙම මස මුල, දකුණු කොරියාවේ රුසියානු තානාපති ජෝර්ජි සිනොවියෙව් සිය ප්‍රසාදය පල කළේය.

r346345567
2024 වසරේ රුසියාව සමග එළැඹි අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමකට අනුව උතුරු කොරියාව, යුක්‍රේනයට එරෙහි රුසියාවේ සහාය පිණිස භටයින් 14,000ක් පිටත් කර හැරීය. ඉන් 6000ක් රණ බිමේදී ජීවිතක්ෂයට පත් වූහ.

සියොල් නුවර රුසියානු තානාපති කාර්යාලයෙන් බැනරය ඉවත් කර ගැනීම පිලිබඳ අද දිනය (23) වන විටත් ප්‍රතිචාර නැතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි. ඒ පිලිබඳ එම පුවත් සේවය කළ දුරකථන විමසීමකදී, අද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බැවින් තානාපති කාර්යාලය වසා ඇති බවට ස්වයංක්‍රීය පිළිතුරක් ලද බව ද එම පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරයි.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

South Korea urges Russian embassy to remove 'victory' banner as Ukraine war anniversary nears

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්