leader s

ඉරාන යුද හමුදා හෙලිකොප්ටරයක් අද (24) එරට ඉස්ෆහාන් පළාතේ පළතුරු වෙළඳපොළකට කඩා වැටී අනතුරක් සිදු විය.


අනතුරින් එහි නියමුවා, සහායක නියමුවා සහ වෙළඳුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

එම පළාතේ ඩර්චේ නගරයේ දී එම අනතුර සිදු විය. අනතුරින් හටගත් ගින්න හදිසි සේවා මැදිහත්ව නිවා දැමීමට කටයුතු කෙරිණි.

 

ඉරානය සතුව ඇත්තේ ඉතා දුර්වල ගුවන් ආරක්ෂක ඉතිහාසයකැයි විශේෂඥයෝ පවසති. එහි නිරන්තර ගුවන් අනතුරු වාර්තා වන්නේය. එම බොහොමයක් අනතුරුවලට හේතුව 1979 ඉරාන විප්ලවයට පෙර මිලදී ගත් යානා තවමත් පරිහරණය කිරීමය. ඒවා නඩත්තුවට අවැසි නියම අමතර කොටස් මේ වන විට නිෂ්පාදනයෙන් බැහැරව පවතී.

පසු ගිය සතියේද ඉරාන ගුවන් හමුදාවට අයත්, එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-4 ප්‍රහාරක යානයක් ගුවන් පුහුණු පියාසැරියක් අතර එරට හමදාන් පළාතේදී කඩා වැටිණි. ඉන්, එහි ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත් විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iranian military helicopter crashes into fruit market, four dead

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්