leader s

බ්‍රිතාන්‍යයේ හිටපු අමාත්‍යවරයෙකු සහ ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ලෙස සේවය කළ මැන්ඩල්සන් සාමිවරයා රාජ්‍ය රහස් අනාවරණය පිලිබඳ සැකපිට ඊයේ (23)  අත්අඩංගුවට පත් විය.


එහෙත්, ඊට පැය කිහිපයට පසු  වැඩිදුර විමර්ශන අවසන් වන තෙක් ඔහු ඇප මත නිදහස් කෙරිණි.

මැන්ඩල්සන් සාමිවරයා අත්අඩංගුවට පත් වූයේ 2019 වසරේ ජීවිතක්ෂයට පත් මුල්‍ය ව්‍යාපාරිකයෙකු සහ ලිංගික අපරාධකරුවකු වූ ජෙෆ්‍රි එප්ස්ටීන්ට, මූල්‍ය වෙළඳපොළ සම්බන්ධ සංවේදී රාජ්‍ය තොරතුරු ලබාදුන් බවට චෝදනා මත ය.

mand984

 

එම චෝදනා සම්බන්ධයෙන් මැන්ඩල්සන් සාමිවරයා  පසුගිය සති කිහිපයේ ප්‍රසිද්ධියේ කිසිත් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. තමා නීතිවිරෝධී කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවත් කිසිවිටෙක මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කටයුතු නොකළ බවත් ඔහුගේ ස්ථාවරය විය.

ඔහු ටෝනි බ්ලෙයාර් සහ ගෝඩන් බ්‍රවුන් යන හිටපු බ්‍රිතන්‍ය අගමැතිවරුන්ගේ රජයන් යටතේ විවිධ අමාත්‍ය ධුර දැරීය.

ඔහු සහ ජෙෆ්‍රි එප්ස්ටීන් අතර තිබූ සබඳතාවය එකල ද ප්‍රසිද්ධ රහසකි. 2003දී එප්ස්ටීන්ගේ 50 වන උපන්දිනයට ප්‍රකාශයට පත් ග්‍රන්ථයෙක, "ඔහු මගේ හොඳම  මිතුරා" ලෙස සඳහන් කරමින් මැන්ඩල්සන් සාමිවරයා විසින් ලියන ලද ලිපියක්ද ඇතුළත් විය. පසුව, 2008දී එප්ස්ටීන් ලිංගික අපරාධ චෝදනාවන්ට මුහුණ දෙන සමයේ, මැන්ඩල්සන් සාමිවරයා ඔහුට සහය දක්වමින් ඊමේල් පණිවුඩ යවා ඇති බව ද හෙළිවිය.

2003–2004 සමයේ එප්ස්ටීන් විසින් මැන්ඩල්සන් සාමිවරයාට අයත් ගිණුම් වෙත ඩොලර් 75,000ක මුදලක් ගිණුම් ගත කර ඇතැයි ද පසුව අනාවරණය විය. ඒ පිලිබඳ හෙළිව ඇති දෑ සත්‍යදැයි නොදන්නා බවත්, සහ එවැනි මුදලක් ලැබුණු බවට මතකයේ නැති බවත් ඔහු පවසයි.

 

Britain Epstein Mandelson
 2009 වසරේ  මැන්ඩල්සන් සාමිවරයාගේ සහකරුට අධ්‍යාපන ගාස්තු සඳහා එප්ස්ටීන් විසින් පවුම් 10,000ක මුදලක් යවා ඇති බවට ද ඊමේල් තොරතුරු අනාවරණය විය. එම චෝදනා සහ සබඳතා හේතුවෙන්, මැන්ඩල්සන් සාමිවරයා කම්කරු පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.

එක්සත් ජනපද අනාවරණ අනුව, මැන්ඩල්සන් සාමිවරයා 2009 වසරේ බ්‍රිතාන්‍ය ව්‍යාපාර කටයුතු අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ සමයේ ඔහු එප්ස්ටීන්ට මූල්‍ය වෙළඳපොළ සංවේදී  රාජ්‍ය රහස් සම්පාදනය කළ බවට සැක පවතී. යුරෝ මුදල් ඒකකය බේරා ගැනීම සඳහා සූදානම් කළ යුරෝ බිලියන 500ක ආධාර පැකේජය සහ බැංකු කරුවන්ගේ ප්‍රසාද දීමනා මත විශේෂ බද්දක් පැනවීමේ සැලසුම් පිලිබඳ පුර්ව තොරතුරු අනාවරණය ඒ අතර වේ.

mamn8ryy

 

මෙම චෝදනා සම්බන්ධයෙන් ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය අපරාධ පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඔහු ඇප මත මුදාහළ ද විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

එම විමර්ශනයන් හි රහස්‍ය භාවය සුරකිණු පිණිස තවමත් ඒ පිලිබඳ  වැඩිදුර තොරතුරු අනාවරණය  කළ නොහැකි බවද පොලිසිය කියයි.

 



(සටහන |BBC ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Lord Mandelson arrest - how did we get here?

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්