leader s

2025 වසරේ දකුණු කොරියාවේ උපත් අනුපාතය අඛණ්ඩ දෙවන වසරටත් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.


දශකයක පමණ එරට ජනවිකාස අර්බුදය නවමු මාවතකට පිවිස තිබේ.

ඉකුත් වසරේ දකුණු කොරියාවේ ස්ත්‍රී ප්‍රජනන අනුපාතය 0.80ක් විය. 2024 වසරේ එය 0.75ක අගයක පැවතියේය. එම වසරේ එරට ළදරු උපත් යළි වර්ධනය පශ්චාත් කොවිඩ් සමයේ, කලාපයේ සුවිශේෂී තත්ත්වයකි. ඊට රාජ්‍ය ප්‍රතිපත්තිමය සහාය ද හිමි විය. ඊට පෙර අට වසරේම එරට ළදරු උපත්හි අඛණ්ඩ, සීග්‍ර පහත වැටීමක් දක්නට විය. 2023 වසරේ 0.72ක් ලෙස ලොව අඩුම ළදරු උපත් අනුපාතය දකුණු කොරියාවෙන් වාර්තා විය.

Sk 84

 

පසු ගිය වසරේ එරට නව උපත්, පුද්ගලයින් 1000කට 5.0ක් ලෙස වාර්තා විය. එය 2024 පැවති 4.7ක අගය ඉක්මවා යාමකි. පසු ගිය වසරේ චීනයේ එම අගය 5.6ක් වූ අතර තායිවානයේ 4.6ක් විය. 2024 වසරේ ජපානයේ එම අගය 5.7කි. එම රටවල එහි සාපේක්ෂ පහත වැටීමක් දක්නේ විය.

ජන උපත් පිලිබඳ දකුණු කොරියානු රජයේ සාර්ථක ප්‍රතිපත්තිමය පියවර හේතුවෙන් ඉකුත් වසරේ 0.75ක ස්ත්‍රී ප්‍රජනන අනුපාතය මෙම වසරේ 0.80ක අනුපාතය ඉක්මවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. එය 2031 වන විට සෑම ස්ත්‍රියකට 1.0ක අනුපාත අගය ඉක්මවා යනු ඇති බවට විශ්වාස කෙරේ.

 

FILE PHOTO: Nam Hyun-jin takes care of her baby at her home in Seoul, South Korea, February 17, 2025. REUTERS/Daewoung Kim/File Photo

දකුණු කොරියාවේ විවාහ අගය ද සීග්‍රයෙන් ඉහල යමින් පවතී. එය උපත් අනුපාතය වර්ධනයට ඉමහත් පිටිවහලකි. එරට, වසරක සිට දෙවසරක් තෙක් උපත් පරතරය 2025 වසරේ 8.1කින් ඉහළ ගියේය. එරට, තිස්වන වියෙහි පසුවන ජනගහනයේ වර්ධනයක් දක්නට ඇති අතර එම කාලසීමාව තුළ විවාහ වීමට සහ අනතුරුව  දරුවන් බිහි කිරීමට වැඩි ප්‍රවනතාවක් පවතින බවට ද හඳුනා ඇත. විවාහය සම්බන්ධ එරට සමාජ ආකල්පද ධනාත්මක වර්ධනයක පවතී.

දකුණු කොරියාවේ වැඩිම ළදරු උපත් සියොල් අගනුවරින් වාර්තා වේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

South Korea's birthrate, the world's lowest, rises again amid signs of easing demographic crisis

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්