යුද ගුවන් යානා වාහක යූ එස් එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් (USS Gerald R. Ford) නෞකාව ඊයේ (24) ග්‍රීසියේ ක්‍රීට් දිවයිනේ වරායක් වෙත පැමිණි අවස්ථාව. මැද පෙරදිග බලා යාත්‍රා කෙරෙන අතර, නෞකාවේ සනීපාරක්ෂක පහසුකම් අලුත්වැඩියාවක් පිණිස එය එහි පැමිණි බැව් සමාජ මාධ්‍යයේ සටහන් විය.
ඉරානයට පහර දීමට සූදානම් වන එක්සත් ජනපද හමුදා බල සේනාහි නවතම සේයා රූ එකතුවක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා සිය නාවුක සහ ගුවන් අණසක තර කරමින් සිටිනාකාරය එහි දැක්වේ.
2003 වසරේ ඉරාක යුද්ධය පිණිස මැද පෙරදිග, එක්සත් ජනපද හමුදා බලමුළු ශක්තිමත් කිරීමෙන් අනතුරුව එහි එම හමුදා අන් කවරදා හෝ නොවූ විරූ අයුරින් තර කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි.යූ එස් එස් ජෙරල්ඩ් ආර්. ෆෝ ර් ඩ් නෞකාව ජිබ්රෝල්ටා සමුද්‍ර සන්ධිය පසුකරමින් ග්‍රීසියේ ක්‍රීට් දිවයින බලා යාත්‍රා කරමින්.
පෘතුගාල පාලනය යටතේ පවතින ඇසෝරස් දිවයින් සමූහයේ ලසෙස් ගුවන් කඳවුරේ පසුගිය 23 දා දිසි ගුවනේදී ප්‍රහාරක යානා වෙත ඉන්දන සපයන එක්සත් ජනපද බල ඇණියට අයත් තෙල් ප්‍රවාහන යානා පෙළක්. එහි පෙර බිමෙහි ගව රැළක් නිදහසේ තණ බුදිනු දක්නට ලැබේ.
ලසෙස් ගුවන් කඳවුරේ ධාවනය පථය මත එන එක්සත් ජනපදයට අයත්, එම හමුදා සහ පෘතුගාල හමුදා භාවිත කරන ගුවන් යානයක්. එම ගුවන් කඳවුරේ එක්සත් ජනපද මෙහෙයුම් පිණිස එක්සත් ජනපදය විසින් අවසර ලබා ගැනීම අවශ්‍ය නැතැයි පෘතුගාල රජය පවසයි.
පසුගිය 20 දා, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් මිල්ඩෙන්හෝල් ගුවන් කඳවුර වෙත ලඟා වන එක්සත් ජනපද හමුදා ජෙට් යානයක්
පසුගිය 19 දා, බල්ගේරියාවේ සොෆියා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දිසි එක්සත් ජනපද හමුදා යානා පෙළක්.
අරාබි මුහුදේ යාත්‍රා කෙරෙන, එක්සත් ජනපද ප්‍රහාරක නෞකාවක සිට පසු ගිය 18 දා ලබා ගත් සේයාරුවෙක, එරට නාවුක හමුදාවට අයත් ඉන්දන සැපයුම් යුද නෞකාවකි.
රුසියාව සහ ඉරානය අතර නොබෝ දා පැවති ඒකාබද්ධ යුධ අභ්‍යාස පිලිබඳ ඡායාරූප ද මාධ්‍යට මුදා හැර තිබේ. දකුණු ඉරාන වෙරළ තීරයට ඔබෙන් ගමන් කළ එම යාත්‍රාවක සිට මිසයිලයක් මුදා හරිනයුර පසුගිය 17 දා ලබා ගත් මෙම සේයා රුවෙහි දැක්වේ.
(සටහන |RadioFreeEurope ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
A Military On The Move: US Hardware Spotted Amid Iran Tensions







