ඉරානය සහ එක්සත් ජනපදය අතර නවතම සාකච්ඡා අද (26) ජිනීවා හිදී පැවැත්වේ.
ඉරාන න්‍යෂ්ටික ගැටලුව සාකච්ඡා හි මුඛ්‍ය තේමාවයි. එක්සත් ජනපදය මැද පෙරදිග කලාපයේ ගුවන්, නාවුක හමුදා බලය තර කරමින් සිටී.
ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීමට සූදානම් වන බව එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඊට සහාය දෙන බටහිර සන්ධානය චෝදනා කරයි. ටෙහෙරානය එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.

අද සාකච්ඡා පිණිස එක්සත් ජනපද පාර්ශවයෙන් ජනපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජනපති බෑණා වන ජෙරාඩ් කුෂ්නර් සහභාගී වෙති. ඉරානය නියෝජනය කරන්නේ විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි ය. ඕමාන විදේශ අමාත්‍ය, බදර් අල්බුසයිදි මැදහත් පාර්ශවකරුවාය.
සිය අභිප්‍රාය, ගැටලුව ප්‍රජාතාන්ත්‍රිකව විසඳීම වුවත්, ඉරානය ඊට සවන් යොමු නොකරන්නේ නම්, පහර දෙන බව ජනපති ට්‍රම්ප් ඊයේ (25) සිය වාර්ෂික රාජ්‍ය දේශනයේදී අනතුරු ඇඟවීය.
"ගනුදෙනුවේ විසඳුම අත ළඟ පැවතියද ඊට එකඟවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකින් ආමන්ත්‍රණය කරන්නේ නම්, පමණකැයි ඉරාන විදේශ අමත්‍යවරයා පවසයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
US-Iran nuclear talks to resume in Geneva against backdrop of military threat







