leader s

පාකිස්ථානය අද අළුයම ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර සහ තවත් තදාසන්න පෙදෙස් දෙකක් වෙත ගුවනින් බෝම්බ හෙලීය.


 ඇෆ්ඝනිස්ථාන හමුදා විසින් දේශ සීමාව හරහා පාකිස්ථාන හමුදා ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් පැය කිහිපයකට පසු එම දැවැන්ත ගුවන් ප්‍රහාරය එල්ල වී තිබේ.  

මේ අනුව, කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන පාකිස්ථාන - ඇෆ්ඝන් සටන් විරාම වැඩ පිළිවෙළ දැඩි අර්බුදයකට ලක්ව පවතී.

පාකිස්ථාන හමුදා ප්‍රහාර, කාබුල් නුවර හමුදා මර්මස්ථාන ඉලක්ක කර සිදු කර තිබේ.  අගනුවරින් අවම වශයෙන් පිපිරීම් තුනක්වත් වාර්තා වන බව විදෙස් මාධ්‍ය  සඳහන් කරයි. කාබුල්, කන්දහාර් සහ පක්ටිකා පෙදෙස් හි එම ප්‍රහාර  එල්ල විය.

 ප්‍රහාර හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා නොවේ.

පසුගිය ඉරිදා (22) පාකිස්ථාන හමුදා, දේශ සීමා ඔස්සේ සිදු කළ දැවැන්ත ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊයේ (26) එම හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඇෆ්ඝනිස්ථානය කියයි. එහිදී පාකිස්ථාන හමුදා මුරපොළ රැසක සිය බලය තහවුරු කළ බව ද ඇෆ්ඝන් හමුදා පවසති.

 




( සටහන: AP ඇසුරින්, හර්ෂ උදයකාන්ත පීරිස් )
27.02.2026


මුලාශ්‍රය :

Airstrikes hit Afghan capital of Kabul, hours after Afghanistan attacks Pakistan


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්