leader s

ජර්මනිය පුරා අද (27) උදෑසන සිට සියලු මගී ප්‍රවාහන සේවා ඇණ හිට පවතී.


බස් සහ ට්‍රෑම් රථ මෙන්ම දුම්රිය සේවාද සිය ගමන් වාර අවලංගු කර තිබේ.

 

ger 2

අද සහ හෙට (28) එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීම ඊට හේතුවයි.

'වෙර්දි' පොදු සේවා වෘත්තීය සමිතිය විසින් එම  වර්ජනය සංවිධානය කර ඇත.

 

ger1

ශ්‍රමික පැය ගණන, සේවා මුර, රාත්‍රී හා සති අන්ත වැඩ මුර දීමනා සහ මාසික වැටුප් වැනි, වැඩ පරිසරයට අදාළ කරුණු රැසක් පිලිබඳ ගැටළු, ඊට මූලිකව තිබේ. සේවක ඉල්ලීම්, පළාත් අනුව වෙනස් වන බව ද සඳහන් ය.

සාමූහික වැටුප් එකඟතාවන්ට පිවිසීම පිලිබඳ පැවති සාකච්ඡා මුල් කර මගී සේවා බස් හා ට්‍රෑම් රථ සහ දුම්රිය සමාගම් 150ක් පමණ වර්ජනයට එක්ව සිටින අතර එම සමාගම් හි සේවකයින් 100,000කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගිව සිටිති.

ger 3

 

බර්ලින් සහ හැම්බර්ග් ඇතුළු සමස්ත ජර්මනිය තුලම අදත්, හෙටත් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක ය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :


Buses, trams and trains grind to a halt across Germany at start of two-day strike

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්