කසකස්ථානයේ අවන්හලක අද (27) පිපිරීමක් සිදු විය.
එම පිපිරීමෙන් සහ ඉන් හටගත් ගින්නෙන්, පුද්ගලයින් සත් දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් 19කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එරට උතුරේ පිහිටි ෂ්චුචින්ස්ක් නගරයේ එම පිපිරීම සිදු විය.
අනතුරින් 16 වියැති තරුණියක් ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලත් 13 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් අවට රෝහල්හි වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටිති.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලශ්‍රය :
Kazakhstan cafe blast, fire kill at least seven







