leader s

ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා පිලිබඳ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) සිය අප්‍රසාදය පල කළේය.


 ඇතැම්විට, ඉරානයට පහර දීමට සිදු වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය. මැද පෙරදිග එක්සත් ජනපද හමුදා තර කර ඇති අතර ඔවුහු  ඕනෑම මොහොතක ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමේ පසුවෙති.

ජනපති ට්‍රම්ප් විසින් ඉරානය වෙත රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදා බලපෑම දැඩි කර තිබේ.

ඉරාන ජන අරගලයේදී සිදු කළ සමූල ඝාතන පිලිබඳ ඔහු දිගින් දිගටම එම රජයට චෝදනා එල්ල කර සිටී. වොෂින්ටනය තර්ජනයක් සේ අවධාරණය කරන ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ වහා නවතා දමන ලෙස ඔහු ටෙහෙරානයට බල කරයි.

 



දෙරට අතර බ්‍රහස්පතින්දා (26) ජිනීවාහිදී පැවති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් විය. එය ජනපති ට්‍රම්ප්ගේ ඉවසීමේ සීමාව තව දුරටත් හීන කරන්නකි. ඉරානයට ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ ඔහු තවමත් අවසන් තීරණයකට එළඹ නැත.

"තාමත් ඒ අය අත්‍යවශ්‍යම දේ කියන්නෙ නා. 'අපි න්‍යෂ්ටික අවියක් තනන්නෙ නෑ'... ඔය ටික පැහැදිලිව කිව්ව නම් ඉවරයි. ඒ හින්දා,   මගෙ  නම් ඔය සාකච්ඡා ගැන කිසිම පැහැදීමක් නෑ," ජනපතිවරයා ඊයේ පැවසීය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉරානය අනීතික පුද්ගල රැඳවුම් අනුග්‍රාහක රාජ්‍යයක් ලෙස නම් කර  ඇතැයි, එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද ඊයේ දැනුම් දුන්නේය.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump says of Iran: 'Sometimes you have to use force'


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්