leader s

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම අරඹති. මැද-පෙරදිග කලාපයේ අද (28) සිට නවතම යුද තත්ත්වයක් ක්‍රියාත්මකය.

 ඉරානයේ පරාජය එක්සත් ජනපදයට ඇති න්‍යෂ්ටික තර්ජනය සාර්ථකව අවසන් කිරීමක් බව, ජනපති ට්‍රම්ප් කියා සිටී. එමන්ම, සන්නද්ධ ප්‍රහාර,  අතිගාමී පාලකයන් පලවා හැරීමට ඉරාන ජනතාව ලද මහඟු අවස්ථාවක් බව ද ඔහු පවසයි.

ඉරානය ද ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කළේය. අද, ඉරානය ඉලක්ක කර ඇරඹි එක්සත් ජනපද සන්නද්ධ ක්‍රියාන්විතය "කොපාග්නි මෙහෙයුම" (OPERATION EPIC FURY) ලෙස නම් කර තිබේ.

නවතම යුද ප්‍රකාශ කිරීමත් සමග ඉරාන න්‍යෂ්ටික ගැටලුව පිලිබඳ ටෙහෙරානය සහ බටහිර අතර රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සියල්ල බිඳ වැටීමට ලක්වේ.

ඉරානයේ 'සෑම ස්ථානයක්ම' එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරයන්ට නතු වන බැවින්, ඉරාන වැසියන්ට වහා ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙස ජනපති ට්‍රම්ප් අද දැනුම් දුන්නේය. "අපි වැඩේ තිතට දෙන්නම්. ඊට පස්සෙ ඔය අය ආණ්ඩුව අල්ලගන්න.  අරගන්න... එය ඔබේ.. ඇත්තෙන්ම, තවත් පරම්පරා ගණනකට, මේ ඔබට හිමිවන අවසන් අවස්ථාව බව සිහියට ගන්න," ඔහු එසේ පැවසීය.

අද, ඉරානයේ හඳුනාගත් ඉලක්ක රැසක් වෙත එක්සත් ජනපද හමුදා, ප්‍රහාර දියත්  කළහ. එම ගුවන් සහ නාවුක මෙහෙයුම් හි ප්‍රතිඵල මෙතෙක් වාර්තා ව නැත. මෙහෙයුම ඉදිරි දින රැසක් තුළ අඛණ්ඩව ක්‍රියාත්මක ය.

ඉරානය පෙර නොවූ විරු ප්‍රති ප්‍රහාරයකට සූදානම් වන බව  එරටින් වාර්තා වේ.

එක්සත් ජනපද - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර, වීරෝධාර ඉරාන වැසියන්ට සිය නිජ බිමෙහි දෛවය සියතට ගැනීම පිණිස ලබා දුන් මාහැඟි වරමක් බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේය.

ඉරානයෙන්, සිය රටට ඇති තර්ජන මුලිනුපුටා දමනුවස් ඊශ්‍රායලය  ඒ වෙත පහර දෙන බව, ඊශ්‍රායල ආරක්ෂක  අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් පැවසීය.

ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ටෙහෙරානයේ සිට වෙනත් ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.


(සටහන |Reuters ඇසුරින්; හ ර් ෂ   උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්