පර්සියානු, ඕමාන සහ හොර්මුස් සමුද්‍ර සන්ධියේ ග්‍රීක ධජය යටතේ යාත්‍රා කෙරෙන සියලු නෞකා හැකිතාක් එම කලාප මගහැර හෝ දැඩි අවධානයෙන් යාත්‍රා කරන ලෙස එරට රජය අද (28) දැනුම් දුන්නේය.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ඇරඹීමත් සමග එම හදිසි නිවේදන නිකුත් කර තිබේ.
අදින් උද්ගත යුද වාතාවරණය හේතුවෙන් සමස්ත ගල්ෆ් කලාපයේ සහ උතුරු අරාබි මුහුදේ නාවික කටයුතු දැඩි අන්තරායයකට ලක්ව පවතී. එම කලාපයන්හිදී සහ ඊශ්‍රායල වරයයන්හිදී දැඩි අවධානයෙන් පසුවන ලෙස නැව් සමාගම් වෙත දැනුම් දී තිබේ.
ඉරාන සහාය ලබන හුති සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම් හේතුවෙන් වත්මන් අවදානම රතු මුහුද සහ ඒඩන් තුඩුව තෙක් ව්‍යාප්ත විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.
ඒ අනුව, මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මෙන්ම වරායයන් වෙත සිදු විය හැකි හදිසි ප්‍රහාර පිළිබඳව ද ඉතා අවධානයෙන් පසුවන ලෙස එම කලාපයේ යාත්‍රා කෙරෙන නෞකා දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ. පවත්නා තත්ත්වය හේතුවෙන් නෞකා ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික යාත්‍රා මාර්ගෝපදේශන පද්ධති සහ රාඩාර් ""පද්ධති ක්‍රියා විරහිත හෝ බාධා විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







