leader s

ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි යුද්ධයේ දී ඝාතනය වූ බව එරට මාධ්‍ය මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කළේය.


ඔහුගේ දියණිය, මිණිපිරිය, ලේලිය සහ බෑණා ද එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනය වී තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය අද (1) උදෑසන ඒ බව නිවේදනය කළේය.

 

ඊයේ (28) ඉරානය වෙත පහරදීමට එක්සත් ජනපදය ටොමාහෝක් කෲස් මිසයිල, රේඩාර් පද්ධතීන් මගහැර ප්‍රහාර එල්ල කරන F-18 සහ  F-35 ප්‍රහාරක යානා සහ යුද පිටියේ ප්‍රථම වරට ඉරාන ආකෘති අනුව නිෂ්පාදනය කරන ලද යළි නොපැමිණෙන අඩු වියදම් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා යොදා ගත්තේය.

ඊයේ (28) ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළ සැණින් ඉරානයද ඊට ප්‍රතිචාර දැක්වීය. ඒ අනුව ගල්ෆ් රාජ්‍ය සිසාරා බෝම්බ පිපිරීම් වාර්තා විය. ඩුබායි හි පිහිටි අති සුඛෝපභෝගී සුපිරි නිකේතනයක් ද ඉරාන මිසයිල  ප්‍රහාරයන්ට ලක් විය. එහි ගුවන් මිසයිල නාශක පද්ධති ක්‍රියාත්මකව ඇති අයුරු දක්නට ලැබිණි. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙන්ම අධි  සුඛෝපභෝගී බර්ජ් අල් ඇරැබ් හෝටලය වෙත ද ඉරාන මිසයිල පතිත විය. ගුවන්තොටුපොළේ වූ සිව් දෙනෙක් එම ප්‍රහාරවලින් තුවාළ  ලදහ.

 

b3b63

ක්වේට්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහ්රේන් වෙත ද ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළේය. එම සියලු රටවල එක්සත් ජනපද හමුදා ස්ථාන ගතකර ඇත. ජෝර්දානය ද එම ප්‍රහාරයන්හි ඉලක්කයක් විය. එරට වෙත එල්ල කළ ඉරාන මිසයිල ගුවනේදී විනාශ කළ බව ජෝර්දානය පැවසීය. මිසයිල නාශක පද්ධතීන් මගින් ගුවනේදී විනාශ කළ ඉරාන මිසයිල කොටස් පතිත වීමෙන් ද අනතුරු හට ගත්තේය. එම කොටස් මෝටර් රථ සහ  ඉන්දන ගබඩා වැනි ස්ථාන වෙත ඇද වැටී පිපිරීම් සහ ගිනි හට ගැනිණි.

"කලාපයේ ඇති එක්සත් ජනපදය සතු සියළු මිනීමරු හමුදා කඳවුරු ඇතුලු අන් පෙදෙස් වෙත අධි බල ඉරාන මිසයිල එල්ල කර ඉලක්ක විනාශ කළ බවත්, සතුරා තීරණාත්මකව පරාජය කෙරෙන තෙක් එම මෙහෙයුම ක්‍රියාත්මක බවත් ඉරාන විප්ලවීය හමුදාව පැවසීය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

3/1/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

Daughter and grandchild of Iran's Khamenei killed in US-Israeli strikes, state media says

US deploys suicide drones and Tomahawk missiles in Iran strikes

Iran missiles brings war to Gulf doorstep; hardens support for US–Israel campaign

Dubai airport, iconic Burj Al Arab hotel damaged in Iranian missile strikes

Iranian missiles shake Gulf cities after US, Israeli strikes on Iran

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්