leader s

කාබුල් නුවරට ඉහළ අහසේ දිසි පාකිස්ථාන ප්‍රහාරක යානා වෙත ඇෆ්ඝන් හමුදා අද ප්‍රහාර එල්ල කළහ. ඇෆ්ඝන් අගනුවර වෙඩි සහ පිපිරුම් හඬින් ගිගුම් දුන්නේය.


ඉකුත් සතිය පුරා ඇෆ්ඝනිස්ථානයට පාකිස්ථානයෙන් දැඩි ප්‍රහාර  එල්ල විය. එරට, පාකිස්ථාන විරෝධී සන්නද්ධ කණ්ඩායම් වෙත රැකවරණය සලසන බවට පාකිස්ථානය චෝදනා කරයි. ඇෆ්ඝන් රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප  කරයි.

මේවන විට, දෙරට අතර කි.මී.2600ක දේශසීමාව ඔස්සේ දිගු කලකට පසු දරුණු සටන් හටගෙන තිබේ. වහා සටන් විරාමයකට එන ලෙස කටාරය සහ සෞදි අරාබිය දෙරටින් ම ඉල්ලා සිටිති. ඒ සඳහා තව දුරටත් මැදහත් පාර්ශ්ව ලෙස කටයුතු කිරීමට සූදානම් බව ද ඔවුහු පවසති.

අද අළුයමට පෙර, කාබුල් අගනුවරින් පිපිරීම් හඬ රැසක් වාර්තා විය. අනතුරුව වෙඩි හඬ නිකුත් විය. ජීවිත හානි පිලිබඳ මෙතක් වාර්තා නොවේ.

 

afghanistan bomb damage 030126 2026 03 01 11 56 38
ඇෆ්ඝන් ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක  බවත්, අනවශ්‍ය  කලබලයකින් තොරව කටයුතු කරන ලෙසත් එරට ජනතාව වෙත දැනුම් දී තිබේ.

දෙරටට යාව ඉරාන දේශ සීමාව ද පිහිටා තිබේ.

ඇෆ්ඝනිස්ථානයට එරෙහි නවතම පාකිස්ථාන සන්නද්ධ මෙහෙයුම, "සත්‍යය උදෙසා කෝපය" (Ghazab Lil Haq) ලෙස නම් කර තිබේ.  පාකිස්ථාන හමුදා සතුරු පාර්ශ්වයේ මුරපොල සහ කඳවුරු රැසක් විනාශ කළ බව පැවසූහ.

දෙපසටම දැඩි අලාභහානි සිදුව ඇතැයි වාර්තා වේ.

පාකිස්ථානය විසින් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇතැයි, පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය, ඛවාජා සිරජුදින් මුහම්මද් අසීෆ් පවසයි.

යුද්ධය මිල අධික බවත්, දැනට සටනට යොමු කර ඇත්තේ පෙරමුණ හමුදා පමණක් බවත් කාබුල් රජය කියයි. අවශ්‍යතාව අනුව තවත් හමුදා, යුද්ධය පිණිස පිටත් කර හැරීමට සූදානමින් පසුවන බව ද එම රජය පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
1/3/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Afghanistan fires at Pakistani jets over Kabul as conflict intensifies

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්